කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද (16) දිනයේදී පුද්ගලයන් තිදෙනකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.

ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මෙතෙක් මිය ගිය සංඛ්‍යාව 160 ක් දක්වා ඉහළ යනු ඇත.

අද දින මිය ගොස් ඇත්තේ කොලොන්නාව සහ බණ්ඩාරගම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 50 ක සහ 43 ක කාන්තාවන් දෙදෙනකු සහ කොළඹ 9 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.