
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියාට කොරෝනා වයිරසය ආසාධිත වීම හේතුවෙන් සභාපතිවරයා ඇතුළු සේවක සේවිකාවන් තිස් එක් දෙනකු නිරෝධානයට ලක්කළ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි
ඒ හේතුවෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙන් සිදුකෙරෙන අත්‍යාවශ්‍ය රාජකාරී පමණක් සිදුකරන බවත් දින 14ක කාලයක් තාවකාලිකව වසා තබන බවත් සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පැවසීය
තවද බණ්ඩාරගම ආදාහනාගාරයේ ආදාහනාගාර ක්‍රියාකරුට කොරෝනා වයිරසය ආසාදිත වීම හේතුවෙන් ආදාහනාගාරය ද වසා තැබූ බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය
එහි සිටින අනෙකුත් සේවයකයන් තිදෙනාද සෞඛ්‍ය උපදෙස් මත නිරෝධයට ලක් කළ බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සති 4 ක් ගතවී ඇතත්, සයිනෝෆාර්ම් එන්නතෙහි දෙවන මාත්‍රාව එනතෙක් බලා සිටී