IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොරෝනා දෙවැනි රැල්ලේ අද වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 55,747 ක්

(තිලකරත්න දිසානායක)

කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (12) උදෑසන වනවිට  ආසාදිතයින් 55,747 දෙනෙකු හමුව ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 අතුරින් 5,809 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 

දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව දෙවන රැල්ලේ ආසාදිතයින් හමුවීම බියගම කොට්ඨාසයෙන්  -- 5611 ක්,  වත්තල  - 5190 ක්,  මිනුවන්ගොඩ  - 4338 ක්,  ගම්පහ  - 3933 ක්,  කැලණිය  - 3921 ක්,  අත්තනගල්ල  - 3896 ක්,  දොම්පෙ  - 3844ක්,  සීදූව  -  3545 ක්,  දිවුලපිටිය  - 3237 ක්,  මීරිගම  - 3170 ක්,  ජාඇල  - 2801 ක්,  මීගමුව  -  2266 ක්, කටාන  - 2201 ක් සහ රාගම කොට්ඨාසයෙන් ආසාදිතයින් 1985 දෙනෙකු වශයෙන් සිදුව ඇති බව වෙබ් අඩවියෙහි සදහන්ය.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 359 දෙනෙකු හමුව ඇති අතර එම කාලය තුල ආසාදිතයින් 222 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන  12  කට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත. සැක සහිත රෝගීන් 53 දෙනෙකු රෝහල් ගත කොට ඇත. 

පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 42 කු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින්  - 36 ක්,  බියගමින්  - 3 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව තිදෙනෙකු වශයෙනි. 

ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 13,918 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් පුද්ගලයින් 3,21,636 දෙනෙකු පී සී ආර් පරීක්ෂණයකට භාජනය කොට ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන්ය. 



අදහස් (0)

කොරෝනා දෙවැනි රැල්ලේ අද වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 55,747 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 568 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site