IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කොරෝනා එන්නත දීමෙන් ගම්පහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉවත්වෙති

(තිලකරත්න දිසානායක)

කොරෝනා වයිරසය මර්ධනය පිනිස වන එන්නත ලබා දීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිවීම සහ වරින් වර තීරණ වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගැනීම මත හෙට (27) සිට ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළෙන් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර ඇත.

අද (26)  දින සිට ලබන මස 5 වෙනි දින තෙක් " ඇස්ට්‍රා සෙනෙකා " එන්නත ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 225 ක පමණ වයස අවුරුදු 60 වැඩි තැනැත්තන් සඳහා ලබා දීමට සැලසුම් කර තිබූ මුත් එය වයස අවුරුදු 30 වැඩි තැනැත්තන්ටද ලබා දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෙනස් කිරීම මත එන්නත ලබා දෙන වසම් සංඛ්‍යාව 75 ක් පමණ අඩුව ඇති බැවින් සැලසුම් කර තිබූ කටයුතු අවුල් සහගත තත්වයකට පත් වන බැවින් එන්නත ලබා දීමෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් හෙට (27) සිට ඉවත් වීමට තීරණය කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති සමින්ද සමරදිවාකර මහතා පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් එන්නත ලබාදීම පිනිස  අදාල ග්‍රාම නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රජා සංවිධාන ආදිය සම්බන්ධ කර ගනිමින් සකස් කළ සැලසුම් අවුල් සහගත තත්වයකට පත් වීමෙන් කටයුතු කිරීමට නොහැකි බව සදහන් කළ දිස්ත්‍රික් සභාපතිවරයා, වරින් වර තීරණ වෙනස් කිරීම නොවිය යුත්තක් බවද කීය.



අදහස් (4)

කොරෝනා එන්නත දීමෙන් ගම්පහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉවත්වෙති

Raveendra Friday, 26 February 2021 03:43 PM

අපේ සර් දැන් ශවේන්ද්‍ර සර්ට කියලා. සුවවිරුවන් පැත්තකට දාලා රණවිරුවන්ට කියලා එන්නත දෙයි.. කොහොමද සර්ගේ වැඩ...? රෙස්පෙක්‍ට් සර්..

:       2       0

Rohana Friday, 26 February 2021 04:42 PM

මෙවැනි සුළු සැලසුමක් හදාගන්න බැරි ආණ්ඩුව අනිකුත් මහා පරිමාණ සැලසුම් හැදීම ගැන කවර කතාද?

:       3       2

එරා Saturday, 27 February 2021 11:44 AM

රටම කිසිම විනයක්, පාලනයක් නැතිව ඉබාගාතේ යන ගමනක්....

:       3       9

Deepal Nirosh Saturday, 27 February 2021 02:55 PM

පොරොන්දු වුණේ නම් “එක රටක් එක නීතියක්“ කියලා, ඒ වුණාට තවම “එක ගමකට එක නීතියක්“ වත් බැහැනේ? ඉබාගාතේ යන මනුස්සයාත් මීට වඩා පිළිවෙලයි වගේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site