
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ රිජ්වේ ළමා රෝහලට ඇතුළත් කළ දින 20 ක් වයසැති බිලිඳෙකු කොවිඩ්-19 වයිරසය ආසාදිත වී අද (08) සවස මිය ගිය බව රෝහල් අධ්‍යක්ෂක ජී. විජේසූරිය මහතා පැවසීය.
බිලිඳා අද අලුයම 4.00 ට පමණ අසාධ්‍ය තත්වයෙන් රෝහලට ඇතුළත් කර ඇති අතර නිව්මෝනියාව රෝගී තත්වය උත්සන්න වී හුස්ම ගැනීමේ අපහසුතාවය තිබී ඇත. වෛද්‍යවරුන් බිළිඳාට කෘතිම ස්වසනය ලබා දී තිබු බව අධ්‍යක්ෂවරයා කීය.
එම බිලිඳා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වූ බවත් අධ්‍යක්ෂවරයා කීය.
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය ලාබාලතම තැනැත්තා මෙම බිලිඳා බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
හද සසල කරවන පුවකත්..
අර හෙට්ටිආරච්චි වෙදමහත්තයා කියපු කතාව මතක් වෙනවා, වයිරස වලට බටහිර වෙදකම තවමත් බාල අවදියේ ඉන්නේ, කරුමෙට කියල වැඩක් නැහැ... සුද්ද බෙහෙත හදල දෙන හැටිත් කියල එවනකල් බලන් ඉන්න - අපි දොස්තරලා ..!
නොදන්නාකමට අහන්නේ... මෙතෙක් කාලයක් මියගියේ පිරිමි පුද්ගලයින් හා කාන්තාවන් පමණයි.
ළමයාගේ දෙමව්පියන්ට කොරෝනා නැතිලු.
කොළඹ ඉදිකිරීම් කරන කොම්පැණි කාරයින්ට සේවකයින්ගේ ගෙවල්වල ඉන්න යැපෙන්නන් ගැන හැඟීමක් නැත. මේ වනවිටත් ආසාධිතයින් 150කට වැඩියෙන් වාර්තා වෙන ඉදිකිරීම් සයිට් එකක් සියළුම සේවකයින් රාජකාරියට වාර්තා කරන්නට නියෝග දී ඇත. නිවසේ සිට වැඩ කළ හැකියාව තිබියදීත් සේවයට වාර්තා නොකරන කාර්යාල සේවකයින් සේවයෙන් පහකරන බවට අනතුරු ඇගවීම් කර ඇත. බොහෝ සේවකයින් ඔවුන්ගේ දරු පවුල්වල කුසගින්න ගැන සිතා 2000~3000ක් ගැවසෙන වැඩබිම් වල සේවයට යති.