(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 33ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (24) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1243ක් දක්වා ඉහළ ගියේය.

මෙම මරණ අතරින් 5 ක් ඊයේ (24) දිනයේත් සෙසු ඒවා මැයි 17 සිට 23 වැනිදා දක්වාත් සිදුවූ ඒවා වේ.

මහගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි අය දෙදෙනෙක්, ගල්නෑව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පිරිමි අයෙක්, ගලෙන්බිඳුණුවැව පදිංචි 76 හැවිරිදි කාන්තාවක්, මැදවච්චිය ප්‍රදේශයේ 51 හැවිරිදි පිරිමි අයෙක්, බණ්ඩාරගම ප්‍රදේශයේ 75 හැවිරිදි පිරිමි අයෙක්, වැල්මිල්ල ප්‍රදේශයේ 66 වියැති පිරිමි අයෙක්, මඩකලපුවේ 72 හැවිරිදි කාන්තාවක්, හල්ග්‍රනොය ප්‍රදේශයේ 73 හැවිරිදි පිරිමි අයෙක්, ගම්පොළ ප්‍රදේශයේ 70 හැවිරිදි පිරිමි අයෙක්, නාගොල්ල ප්‍රදේශයේ 61 හැවිරිදි කාන්තාවක්, පන්නල 47 හැවිරිදි කාන්තාවක්, කොළඹ 12 ප්‍රදේශයේ 56 හැවිරිදි පිරිමි අයෙක්, බොරැල්ලේ 73 හැවිරිදි අයෙක්, දෙමටගොඩ ප්‍රදේශයේ 80 හැවිරිදි පිරිමි අයෙක්, කොළඹ 13 ප්‍රදේශයේ 64 හැවිරිදි පිරිමි අයෙක් සහ 84 හැවිරිදි කාන්තාවක්, කොළඹ 02 ප්‍රදේශයේ 77 හැවිරිදි කාන්තාවක්, නානුඔය ප්‍රදේශයේ 72 හැවිරිදි කාන්තාවක්, නාවලපිටිය ප්‍රදේශයේ 84 හැවිරිදි කාන්තාවක්, 84 හැවිරිදි පිරිමි අයෙක් සහ 73 හැවිරිදි කාන්තාවක්, 74 හැවිරිදි කන්තාවක් සහ 55 හැවිරිදි කාන්තාවක්, ගාල්ල ප්‍රදේශයේ 79 හැවිරිදි පිරිමි අයෙක්, 89 හැවිරිදි කාන්තාවක් සහ 76 හැවිරිදි පිරිමි අයෙක්, ගිනිමැල්ලහහ ප්‍රදේශයේ 101 හැවිරිදි කාන්තාවක්, ගිංතොට පදිංචි 92 හැවිරිදි කාන්තාවක්, නිට්ටඹුව ප්‍රදේශයේ 69 හැවිරිදි පිරිමි අයෙක්, රදාවාන ප්‍රදේශයේ 73 හැවිරිදි පිරිමි අයෙක්, බණ්ඩාරගම පදිංචි 76 හැවිරිදි අයෙක් සහ ගල්පාත ප්‍රදේශයේ 82 හැවිරිදි පිරිමි අයෙක් මියගිය අය අතර වෙති.

මේ අතරින් මරණ බහුතරයකටම හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්වයයි.