(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත ගර්භනී මවුවරුන් 184 දෙනකු මේ වන විට රෝහල්ගතව සිටින බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පවසයි.
ඔවුන්ගෙන් දෙදෙනකු අසාධ්‍ය තත්වයෙන් කළුබෝවිල සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල්වල දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම ගර්භනී මවුවරුන් කොවිඩ් රෝගයට බියේ වෙනත් රෝග සඳහා ද වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි යොමුවීමෙන් වැළකී සිටින බව කී වෛද්‍යවරයා එවැනි මවුවරුන් දෙදෙනෙක් මේ වන විට මියගොස් ඇතැයි ද කියයි
මීට දින කිහිපයකට ඉහතදී ඉන් එක් මවක් මියගොස් ඇත්තේ අධික රුධිර පීඩනයෙන් වන අතර ඇය නිවුන් දරුවන් ප්‍රසූත කිරීමට සූදානමින් සිට ඇතැයි කී වෛද්‍යවරයා ඊට පෙර කොවිඩ් දෙවැනි රැල්ලේ දී ගොතටුව ප්‍රදේශයේ ගර්භනී කාන්තාවක් දිගින් දිගටම සිදුවූ වමනය හේතුවෙන් විජලනය වී මියගිය බව ද පැවසීය.
ගැබිනි මවුවරුන් කුමන හෝ රෝගී තත්වයක් ඇතිවුව ද වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගැනීමත්, සායන සඳහා නිසි ලෙස සහභාගීවීමත් වැදගත් බව ද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd