IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොරෝනා ආසාදිත ඉන්දීය නෞකා ආරක්ෂකයා අයිඩීඑච් රෝහලට


 (ජේ.කේ.එල් චාමින්ද)
 
ඊජිප්තුවේ සිට ගාලුවරායට ගොඩබසිනු ලැබු  නෞකා මුහුදු  ආරක්ෂකයකු වශයෙන් සේවය කරන ඉන්දියානු ජාතිකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට  පී.සී.ආර්. පරීක්ෂණයේ දී තහවුරු වී ඇතැයි  ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
 
මෙම ඉන්දියානු ජාතිකයා කොළඹ අයි.ඩී.එච් රෝහලට පිටත්කොට යැවු බවද හෙතෙම පවසයි.

 මෙකි  නාවික ආරක්ෂකයා හා තවත් නාවික ආරක්ෂකයින් තිදෙනෙකු  ඉකුත් 11 වැනිදින  ගාලු වරායට  ගොඩබැස ඇත. මොවුන් සිව්දෙනාම පී. සී.ආර්. පරික්ෂණවලට ලක්කර, ඔවුන් නවාතැන්ගෙන සිටින  ගාල්ල දෙවට ප්‍රදේශයේ හෝටලයක නතර කිරීමට කටයුතු කරණු ලැබීය.
 
කොරෝනා වයිරසය ආසාදනය වු බවට තහවුරුවී ඇති ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයා සමග ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයින් දෙදෙනෙකු හා යුක්රේන් ජාතික මුහුදුආරක්ෂකයකු ගාලුවරයාට ගොඩබැස ඇති බවද ඒ මහතා සඳහන් කළේය. එම මුහුදු ආරක්ෂකයින් තිදෙනා ගාලු වරාය වෙත බොට්ටුවකින් රැගෙන එනු ලැබු   එම බොට්ටුවේ කාර්යමණ්ඩලයේ 5 දෙනෙකු ද දැඩි නිරෝධායනයට ලක්කිරීමට පියවරගෙන ඇති බවද  සිංගාරච්චි මහතා පැවසීය.
 
මොවුන්  නැවත දින 7කින් පී. සී. ආර්. පරීක්ෂණ සදහා  යොමුකිරීමට කටයුතු කරන බවද  ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා සදහන් කළේය.



අදහස් (0)

කොරෝනා ආසාදිත ඉන්දීය නෞකා ආරක්ෂකයා අයිඩීඑච් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site