(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුරයේ කොරෝනා ආසාධිත කාන්තාවන්ට ප්‍රතිකාර සදහා ප්‍රමාණවත් රෝහල් මධ්‍යස්ථාන නොවිමේ හේතුවෙන් කාන්තාවන් 80 දෙනකු පමණ මේ වනවිට සිය නිවෙස්වලම රදවා සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යඥ තේජන සෝමතිලක මහතා පවසයි.
තුන්වන රැල්ලෙන් කොරෝනා ආසාධිතව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ වනවිට විසි දෙදෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවද හෙතෙම මෙහිදි පැවසිය.
දෛනිකව අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාර්තාවෙන කොරෝනා රෝගින් සංඛ්‍යාව වැඩිවිමක් දක්නට ලැබෙන අතර දිනකට පි.සි.ආර් පන්සියයක පමණ ප්‍රමාණයක් සිදු කරන බවත් එහි ප්‍රතිළුල වාර්තා දින තුනකදි පමණ ලබා ගැනිමට මේ වනවිට හැකියාව පවතින බවද හෙතම පැවසිය.
මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගින් දෙදාස් හත්සිය පනහක්පමණ හමුවි ඇති අතර එහිදි අලුත් අවුරුදු පොකුරේ රෝගින් එක්දහස් අටසියයක් පමණ වාර්තාවන බවද වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවසිය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.