
(සිරංගිකා ලොකුකරවිට)
කොරෝනා ආසාදිත බවට කොළඹදී අද (13) තහවුරු වූ ගාල්ලේ පදිංචි පුද්ගලයෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන යන අතරතුරදී පලාගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ගාල්ලේ පිහිටි තම නිවස වෙත එමින් සිටින මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිවලට දැනුම්දී ඇති බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.
වරාය අධිකාරියේ සේවය කරන මෙම පුද්ගලයා ගාල්ලේ වක්වැල්ලේ පදිංචිකරුවෙකි. ඔහු ආසාදිත බව වාර්තාවීමෙන් පසු කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත බසයකින් රැගෙන යමින් සිටි යදී පැන ගොස් ඇත. සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම පුද්ලයා එතැන් සිට ගාල්ල දෙසට ගමන් ගන්නා පොදු ප්‍රවාහන බස් රථවලින් පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.