
(සිරංගිකා ලොකුකරවිට)
කොරෝනා ආසාදිත බවට කොළඹදී අද (13) තහවුරු වූ ගාල්ලේ පදිංචි පුද්ගලයෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන යන අතරතුරදී පලාගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ගාල්ලේ පිහිටි තම නිවස වෙත එමින් සිටින මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිවලට දැනුම්දී ඇති බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.
වරාය අධිකාරියේ සේවය කරන මෙම පුද්ගලයා ගාල්ලේ වක්වැල්ලේ පදිංචිකරුවෙකි. ඔහු ආසාදිත බව වාර්තාවීමෙන් පසු කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත බසයකින් රැගෙන යමින් සිටි යදී පැන ගොස් ඇත. සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම පුද්ලයා එතැන් සිට ගාල්ල දෙසට ගමන් ගන්නා පොදු ප්‍රවාහන බස් රථවලින් පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
75
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
936
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනා ආසාදිතයා රෝහලට රැගෙන යන අතරතුර පලා ගිහින්
මුණසිංහ Thursday, 14 January 2021 06:07 AM
මේ වගේ ප්‍රවෘත්තියක පුද්ගලයින්ගේ නම දාන්න. නීතිවලින් වැඩක් නැහැ. එහෙම වුනොත් පාරෙදී අනෙකුත් අයටත් අඳුනා ගන්න පුළුවන්...