
කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (11) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 2880 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයෙක් , ඉන්දුනීසියාවේ සිට පැමිණි තිදෙනෙක් සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණ පස් දෙනෙකු අද හඳුනාගත් ආසාදිතයින් 9 දෙනා අතර බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොවිඩ් 19 ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි 29 දෙනෙකු සුවය ලබා අද (11) රෝහල්වලින් පිටව ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ පවසති.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 247 කි.
මේ වනවිට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 2622 දෙනෙකු සුවය ලබා පිටවගොස් ඇත.

COMMENTS