(ළහිරු හර්ෂණ)

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත රෝගීන් 5දෙනෙකු අද(14) දිනයේදී  මේ වන විට වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මෙයින් තිදෙනෙකු ඕමානයේ  සිට පැමිණ තිබිණි.

අනික් දෙදෙනා රාජාංගනයේ සහ  ලංකාපුර පදිංචිකරුවෝ වෙති. ඔවුන් දෙදෙනාම කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයෝය.

(ප.ව. 4.15 වනවිට)


(ළහිරු හර්ෂණ)

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත රෝගීන් අද(14) දිනයේදී තිදෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මෙම තිදෙනා ඕමානයේ  සිට පැමිණ තිබිණි.

(ප.ව. 3.40 වනවිට)


(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කරන ලද නවතම වාර්තාව අනුව (උදෑසන 10.00ට) කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 647 ක් බවට පත්ව තිබේ.

කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 7දෙනෙකු අද(14) රෝහල්වලින් පිටව යාමත් සමඟ රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත රෝගීන් ගණන 647ක් වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

රෝහල්වලින් පිටත්ව ගිය පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් 1ක් අයෙක්ද, ඉරණවිල රෝහලෙන් දෙදෙනෙක්ද, මිනුවන්ගොඩ 4දෙනෙක්ද වෙති.

ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2646 ක් වන නමුත් ඔවුන් අතරින් 1988 දෙනෙකු මේ වන විට සුවය ලබා ආපසු නිවෙස් බලා පිටව ගොස් තිබේ. මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 647 කි.

කෙසේ වෙතත් කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේදී ප්‍රතිකාර ලබාගත් රෝගීන් අතුරින් මේ දක්වා මියගොස් ඇත්තේ රෝගීන් 11 දෙනෙකු පමණි.‍