කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (04) මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3115  දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඊශ්‍රායලයේ සිට පැමිණි පුද්ගලයෙකු , පිලිපීන ජාතික නාවිකයෙකු සහ ඉන්දියාවේ සිට පැමිණ දෙදෙනෙකු  අද හඳුනාගත් ආසාදිතයින් 4 දෙනා අතර  බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොවිඩ් 19 ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි 18 දෙනෙකු සුවය ලබා අද (04) රෝහල්වලින් පිටව ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ පවසති.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 196 කි.

මේ වනවිට පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති අතර 2907 දෙනෙකු සුවය ලබා පිටවගොස් ඇත.

No photo description available.