IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


කොරෝනා ආසාදිතයන් සොයාගැනීමට මළ අපද්‍රව්‍ය පරීක්ෂා කරයි

කොරෝනා වයිරසය පැතිරෙන ස්ථාන පිළිබඳව සාක්ෂි සොයාගැනීම සඳහා මළ අපද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ ක්‍රමයක් ලොවපුරා රටවල් කිහිපයක ක්‍රියාත්මක කරන බව පර්යේෂකයෝ පවසති.

එමගින් ආසාදිතයන් වැඩිවන ස්ථාන කල්තියා හඳුනාගැනීමට බලාපොරොත්තු වන බව ඔවුහු පවසති.

රෝහල්, රැකවරණ නිවාස හා පාසැල් වැනි වැඩි පිරිසක් ගැවසෙන ස්ථාන වල මළාපවාහන පද්ධති පරීක්ෂා කිරීමේ උපායමාර්ගයක් මේවනවිටත් අනුගමනය කරන බවත් එය බොහෝදුරට සාර්ථක වී ඇති බවත් පර්යේෂකයෝ පවසති.

වයිරසය මූලික වශයෙන් මුඛයෙන් හා නාසයෙන් පිටවන බිඳිති හරහා පැතිරෙන අතර එය මිනිස් අපද්‍රව්‍ය හරහාද පිටවිය හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

මෙසේ අපද්‍රව්‍ය පරීක්ෂා කිරීම ලාභදායී ක්‍රමක් වන අතර ආසාදිතයන් හඹා යෑමේදී දහස්ගනනක පිරිසක් පරීක්ෂා කිරීමට වඩා සරල ක්‍රමයකි. පර්යෙෂකයන් පවසන්නේ අපද්‍රව්‍ය පරීක්ෂා කිරීම නිතර නිතර කළ හැකි බවයි.

පසුගිය මාසයේදි ලන්ඩනයේ පාසැල් 20ක මළඅපද්‍රව්‍ය නියාදි එකතුකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේ.
මෙය බාරව කටයුතු කළ කැන්ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ෆ්‍රැන්සිස් හසාර්ඩ් පැවසුවේ " අප උත්සාහ කරන්නේ යම් ස්ථානයක රෝගීන් වැඩිවීමට පෙර හඳුනා ගැනීමයි. මෙය සැබවින්ම ප්‍රබල සාක්ෂියක්," යනුවෙනි.

මෙම ව්‍යාපෘතිය පාසැල් 70ක් දක්වා පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවද ඔවුහු පවසති.මෙය පර්යේෂණ මට්ටමේ පවතින ව්‍යාපෘතියක් බවද ඔවුහු පවසති.

ඇමරිකාවේ විශ්වවිද්‍යාල කිහිපයක ද රැකවරණ නිවාස කිහිපයක ද මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රයාත්මක වන අතර එහිදී එම ස්ථාන වලින් බැහැර කරන අපජලය පරීක්ෂා කිරීම සිදුවේ.

අගෝස්තු මාසයේදි ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ මළාපවාහන පද්ධතියක් පරීක්ෂා කිරීමේදී කොරෝනා වයිරස හමුවී ඇති අතර නේවාසික සිසුන් කොරෝනා පරීක්ෂණයට ලක්කළවිට දෙදෙනකු ආසාදිත බව හඳුනා ගැනින.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (4)

කොරෝනා ආසාදිතයන් සොයාගැනීමට මළ අපද්‍රව්‍ය පරීක්ෂා කරයි

වලස් මාමා Friday, 13 November 2020 01:23 PM

අපෝ මෙහෙ නම් ඕවා කරන්න බැරිවෙයි. මොකද මෙහෙ කොරෝනා රෝගීන්ගේ මලද්‍රව්‍යවල වයිරසය නෑ. බොන වතුරට එකතු වෙන්නෙත් නෑ. කොරෝනා මෘත ශරීරයක් වල දැම්මාම විතරයි වයිරසය පොළවට ගිහින් බොන වතුරට එකතු වෙන්නේ..

:       1       4

නුවන්සර Friday, 13 November 2020 02:23 PM

මළපහ අප ද්‍රව්‍ය වලින් ආසාදිතයන් කල්තියා හදුනා ගත හැකි නම්, ලොව ඇතැම් රටවල් කෝවිඩ් මරණ භූමදානය කිරීම අදහාගත නොහැකි දෙයකි.

:       1       4

Anura Friday, 13 November 2020 04:16 PM

ඉතින් මෙහෙම මල අපද්‍රව්‍යවල පවා කොරොනා පවතී නම් මෘතදේහ වලින් කොතරම් විනාශයක් කළ හැකිද...? භූමදානය කිසිසේත්ම සුදුසු නැහැ.

:       2       5

විජිත් Friday, 13 November 2020 04:37 PM

"....PHI මහත්තයෝ... ඔය ඇල දොළවල පරීක්ෂා කරලා වැඩක් නැහැ. යන්න කෙලින්ම දියවන්නාවේ ඌරු කොටුව හෙවත් හොල්මන් මාලිගාවට. එතන තමයි 'රටේම ජරාව කන ' සත්තු ඉන්නේ. ඔවුන්ට කොරෝනා විතරක් නොවෙයි මේ ලෝකේ දැනට හොයාගත්ත නැති ලෙඩත් තියෙනවා..."

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28519 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18198 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11009 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 682 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site