(තිළිණි ද සිල්වා)
ගෙවී ගිය සති තුනක කාලය තුළදී කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මැදපෙරදිග රටවල සේවය කළ තවත් ලාංකික ශ්‍රමිකයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.
ඒ අනුව එම වයිරසය වැළඳීමෙන් මියගිය, මැදපෙරදිග සේවය කළ ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව 35 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම තානාපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය. ඉකුත් ජුනි 19 වන විට මැද පෙරදිග රටවල සේවය කරමින් සිටියදී කොරෝනා වයිරසය වැළඳීමෙන් ලාංකිකයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා විණි.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සෞදි අරාබිය, කුවේට්, කටාර්, ඕමාන් සහ ලෙබනනය යන රටවල දී මෙම ලාංකිකයන් ජීවිතක්ෂයට පත්ව ඇති බවද එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.මියගිය 35දෙනා ගෙන් 33දෙනෙකුම පිරිමින් වන අතර ජීවිතක්ෂයට පත් වූවන් අතර සිටිනුයේ කාන්තාවන් දෙදෙනෙකු පමණකි.
කොරෝනා වසංගත තත්ත්වය තුළ පවතින ජාත්‍යන්තර සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ මියගිය ලාංකික ශ්‍රමිකයින් 35 දෙනාගේ අවසන් කටයුතු ඔවුන් සේවය කළ රටවලදී සිදුකළ බවත්, වර්තමාන තත්ත්වය අවබෝධ කර ගනිමින් , මියගිය අයගේ මෙරට සිටින පවුලේ සාමාජිකයින් සිය කැමැත්ත මත එම අවසන් කටයුතු සිදු කරනු ලැබූ බවද එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.
ලොවපුරා කොරෝනා වසංගත තත්ත්වය වාර්තා වූ දින පටන් මැදපෙරදිග සේවය කරන ලාංකික ශ්‍රමිකයින් 40,000 කට වැඩි පිරිසකට යළි දිවයිනට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටියද ආරක්ෂිත හේතූන් සහ රට තුළ පවතින නිරෝධායන පහසුකම් නොමැතිකම හේතු කොට ගෙන නැවත මෙරටට ගෙන්වා ගැනීම වරින් වර සිදු කිරීමට රජය සිදුව ඇතැයිද එම ආරංචි මාර්ග කියා සිටී.
වැඩිවන ඉල්ලීම්වලින් පසුව ශ්‍රී ලංකා රජය විසින් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කළද, දැඩි සෞඛ්‍ය හා ගමන් සීමාවන් තිබියදීත් මැදපෙරදිග රටවල්වල තවමත් දිනෙන් දින වාර්තාවන කොරෝනා වයිරස ආසාදිත සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.
2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
422
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොරෝනාවෙන් මැදපෙරදිග සිටි තවත් ශ්‍රී ලාංකිකයෝ 12ක් මිය යති
kapila Thursday, 09 July 2020 04:06 PM
ගෝඨා නම්බුව බේරාගත්ත හැටි තමයි මේ..