
(ජේ.කේ.එල් චාමින්ද)
කොරෝනා වයිරසය ආසාදිත, කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයාගේ පළමුපෙළ ආශ්‍රිතයින් 21 දෙනාගෙන් කිසිවෙකුටත් කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට, දෙවැනි වරටත් කළ පී. සී.ආර්. පරීක්ෂණවලදි තහවුරුවී ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
මෙකි පී. සී.ආර්. පරීක්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරණු ලැබීය. කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයාද සුවය ලබා නිවසට පැමිණ ඇති බව ද සෞඛ්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.
මේ වනවිට මෙකි උපදේශකවරයාගේ පළමුපෙළ දෙවැනි පෙළ හා තෙවනිපෙළ ආශ්‍රිතයින් පී. සී. ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් කිසිවෙකුටවත් කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇති බවද ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සදහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.