IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කන්දකාඩු උපදේශකවරයකුට කොරෝනා

(ඩී.ජී.සුගතපාල)

කන්දකාඩු පුනරුත්ථාපන  මධ්‍යස්ථානයේ  උපදේශකවරයෙකු ලෙස සේවය කරන  හබරාදුව පදිංචි  පුද්ගලයෙකුටද කොරෝනා ආසාධනය වී ඇති බවට අද (11) තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

හබරාදුව පොලිස් වසමේ තල්පෙ, අත්තරගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි මෙම උපදේශකවරයා පී.සි.ආර්. පරීක්ෂණය කරාපිටිය රෝහලේදී සිදු කිරීමෙන් පසු ඔහුට කොරෝනා ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇත. පසුව ඔහු කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත යැවීමට කටයුතු කළබවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
ඔහු  මව සහ බිරිඳ සමග නිවසේ ජීවත්ව ඇති බවත් ඔවුන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති අතර, යාබද නිවෙස් කිහිපයක ජීවත්වන පුද්ගලයින්ද ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇත.

ඔහුගේ බිරිඳ ගුරුවරියක් වන අතර ඇයගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් ඇයගේ සමීප ආශ්‍රිතයින් වූ ගුරුවරුන් හා ළමයින් 25 දෙනෙකු ස්වයං නිරෝධායනයකට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.



අදහස් (0)

කන්දකාඩු උපදේශකවරයකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 67 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 863 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site