
(දයාරත්න ඇඹෝගම)
මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් දිවයිනේ පිහිටි සියළුම කෞතුකාගාර අද (21) දින සිට දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා පවසයි.
ඒ අනුව අද (21) සිට අනුරාධපුර , පොළොන්නරුව , සීගිරිය , දඹුල්ල , මහනුවර , ගාල්ල , කතරගම ආදී සියළුම කෞතුකාගාර මහජනතාව සඳහා විවෘත වේ.
කෝවිඩ් 19 වසංගතය පැතිරීම ආරම්භවීමත් සමග දිවයිනේ පිහිටි සියළුම කෞතුකාගාර මහජනතාව සඳහා වසා තැබුනු බවත් වසා තැබුනු කාල සීමාව තුල කෞතුකාගාරවල අළුත්වැඩියා කටයුතු සිදුකර නවීකරණය කළ බවද මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා මෙහිදි පැවසිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දරුවනේ කොළඹ?
අනේ මන්දා, මේ පාර නම් වැඩ කාගන්නවා...
දියවන්නාවත් කෞතුකාගාරයක් කළා නම් හොදයි. අපේ සල්ලි දීලා ඔතන කෑගහන 225ක් යවන්න ඔනේ නෑනේ... අනික් එක මොවුන්ගෙන් භාගයක් බලය එපා කියලා 20ට අත් උස්සලා නන්දසේනට කැමැත්ත දුන්නනේ...