
(යසන්ත ආරියසේන)
හක්මන උදුපීල්ලගොඩ මිල්ලගහහේන ප්‍රදේශයේ නිවෙසක පැවැති සාදයකට සහභාගී වු පුද්ගලයන් ගෙන් 17 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හදුනාගත් බව හක්මන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මිල්ලගහහේන ප්‍රදේශයේ නිවසක ඉකුත් 7 වැනි දින පැවැති මෙම සාදය සදහා සහභාගි වූ පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බවට හදුනා ගැනීමෙන් අනතුරුව මගුල් උත්සවයට සහභාගී වූ සෙසු පිරිසට ද අහඹු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකදී මෙලෙස ආසදිතයන් 17 හදුනා ගෙන ඇත.
මෙම පිරිස අතර වයස දහසයට අඩු ළමයන් අට දෙනෙකු අයත්වේ. සෙසු පිරිස වැඩිහිටියන් වන අතර ආසාදිතයන් ප්‍රථිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමට සහ ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායට යොමු කරමින් සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd