(කටුනායක ටී.කේ.ජී.කපිල )

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය සහ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨසයෙන් කොරෝනා රෝගීන් 100 දෙනකු වාර්තා වී ඇති බව ගම්පහ  දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසයි .
ඒ අනුව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින්කොරෝනා වියිරසය ආසාදිත රෝගීන් හැට තුන් 63 දෙනකු  සොයා ගෙන තිබේ .
ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලා 51 ක සේවය කරන 1,142 දෙනකු  කොරෝනා වයිරසයට ගොදුරු වී තිබේ.
එසේම කටුනායක -සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ  තවත් කොරෝනා ආසාදිතයන් 37 දෙනෙකු වාර්තා වී ඇති බව වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසීය  .
ඒ අනුව මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළින් මේ  දක්වා කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 1,110 දෙනෙකු   සොයාගෙන තිබේ .
එම  රෝගීන්   වතුපිටිවල සහ වරකාපොල දිස්ත්‍රික් මහ රෝහල්  යක්කල වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා  යොමු කළ බව කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය.