(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායකකාර)
ඇඹිලිපිටිය, කුට්ටිගල පොලීසියේ පස් දෙනෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඉන් පස් දෙනෙක් පිටස්තර ප්‍රදේශවල පදිංචි නිලධාරීන් වන අතර එක් අයෙක් එම කොට්ඨාසයේ පදිංචි නිලධාරියෙකි. ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රීත නිලධාරීන් මේ මස 23දා පිසීආර් පරීක්‍ෂණ වලට යොමු කිරීමට නියමිතය.
මේ අතර කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දාපනේ ග්‍රාම නිලධාරි වසම 21දා අලුයම සිට ලොක් ඩවුන් කර ඇත. එම වසමෙන් කෝවිඩ් 19 ආසාදිතයින් 69ක් වාර්තාවීම ඊට හේතුවයි.
එසේම රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැළදගල, මුල්ලෙකන්ද වත්ත කොට්ටල ග්‍රාම සේවා වසම ද ලොක්ඩවුන් කර ඇත.
දාපනේ වසමේ ආසාදිත බව තහවුරුවු පුද්ගලයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 75ක් 22දා රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණයට ලක් කිරිමට නියමිතය. මේ වනවිට ලොක් ඩවුන්කර ඇති ග්‍රාම නිලධාරී වසමිවලට අයත් සියලු ගම්මාන වලින් පිටවීමත්, පිටතින් එම ගම්මානවලට ඇතුලුවීමත් තහනම් කර ඇත. ගම්මාන මායිම්වල පොලිස් මාර්ග බාධාක යොදා ඇත.
COMMENTS