(නයෝමි දිල්රුක්ෂි)
 
කෑගල්ල නගරයේ පවත්වාගෙන යන ගෘහස්ථ ගෑස් බෙදාහරින ආයතනයක සේවකයන් 7 දෙනෙක් හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අද (12) හඳුනාගත් බව කෑගල්ල නගරයේ මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබ්ලිව් ඵම් අමරතිලක මහතා පැවසීය.
 

ගෑස් බෙදාහරින ආයතනයේ සේවකයන් ( 55) දෙනෙකු යොදාගෙන සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවෙන් පසුව කොවිඩ් වයිරසය අසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
 
කොවිඩි ආසාදිතයින්  7 දෙනා රඹුක්කන සහ උදුගොඩ කොවිඩි ප්‍රතිකාර ඒකක වෙත ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.
 
කොවිඩි ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයන් ලෙස පවුල් 9 ක් ස්වයං නිරෝධායනයට යොමු කිරිමට කටයුතු කළ බවද මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබ්ලිව්. ඒම්. අමරතිලක මහතා වැඩිදුරටත් පැවසීය.