(ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා)
කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ අද (18) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේ දී කර්මාන්ත ශාලාවලින් තවත් සේවක සේවිකාවන් 15 දෙනෙක් කෝවිඩ් ආසාදිතයන් බව තහවුරු වූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය.
ඒ අනුව කොග්ගල කලාපයේ කෝවිඩ් ආසාදිත සේවක සේවිකාවන් සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගොස් ඇතැයි සිරිවර්ධන මහතා කීය.
ඉකුත් 10 දින මෙම කලාපයේ එක් කර්මාන්ත ශාලාවක සේවකයෙක් සහ සේවිකාවක් කෝවිඩ් ආසාදිත බවට තහවුරු විය.
මෙම තත්වය ඉකුත් දින 8 තුළ දී මෙම කර්මාන්ත පුරයේ කර්මාන්තශාලා පහක් වෙත දැනට පැතිර තිබේ.
අද දින වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 15 දෙනා සමග ම කොග්ගල කර්මාන්ත පුරයේ ඇඟලුම් කර්මාන්ත කර්මාන්තශාලා 4 කින් වාර්තාව වූ කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 88 ක් වන අතර ශල්‍ය අත්වැසුම් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකින් තවත් කෝවිඩ් ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වී තිබේ.
මෙම තත්ත්වය තවත් වර්ධනය විය හැකි බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සිරිවර්ධන තවදුරටත් කීය.
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර
වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත
බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ
කොග්ගල නිදහස් වෙළඳ කලාපයෙන් තවත් ආසාදිතයෝ 15 ක්