කෝවිඩ්-19 වයිරසය මර්දනය සඳහා ඔක්ස්ෆර්ඩ්-ඇස්‍ට්‍රා සෙනෙකා එන්නත අද(15) සිට මහජනතාවට ලබාදීම ආරම්භ කරන බව කෝවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙය සිදුකෙරේ.

මෙම එන්නත බස්නාහිර පළාතට පළමුව ලබාදෙන අතර, මුල් අදියරේදී අවදානම් කලාපවල සිටින පිරිස හඳුනාගෙන ඔවුන්ට ලබාදෙන බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.