( පාලිත ආරියවංශ )

බදුල්ල මහ රෝහලේ  වෛද්‍යවරු දෙදෙනකු හා හෙදියන් 5 දෙනකු  කොවිඩ් ආසාධිතයන් බව තහවුරු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ  බදුල්ල ශාඛා සභාපති හා ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි.

මොවුන් සියළු දෙනා කොවිඩ් ප්‍රතිශක්ති එන්නත් දෙකම ලබා සිටියදී  මෙසේ  ආසාධිතයන් බවට පත්ව ඇති බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

ඔවුහු බදුල්ල මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබති .