IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉන්දියාවේ ස්වදේශ කටයුතු ඇමැතිට කොරෝනා

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර වෛද්‍ය උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු රෝහල් ගත කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සමීපතමයකු වන අමිත් ෂා ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය පක්ෂයේ නායකයා ද වේ.

ඉන්දියාව තුළ නව කොරෝනා වයිරසය පැතිර යෑම පාලනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් සියලු තීන්දු තීරණ ගනු ලැබුවේද අමිත් ෂා අමාත්‍ය ධුරය හොබවන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසිනි.

මේ වනවිට නව කොරෝනා වයිරස වසංගතයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති තෙවැනි රට වන්නේ අසල්වැසි ඉන්දියාවයි. ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලයට පසු ඉන්දියාවෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 1.7 ඉක්මවයි. එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 36,500කි.

“පසුගිය දින කිහිපයේ මා අසළට පැමිණි මා සමඟ සිටි සියලු දෙනා හුදෙකලා වී ස්වයං-නිරෝධායනය වෙන්න. වයිරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කරගන්න” තමාට කෝවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි සඳහන් කරමින් අමිත් ෂා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ එලෙස දැක්විණි.

‘කොවිඩ්-19’ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා අමිත් ෂා, වයිරසය ආසාදනය වී ඇත්දැයි බලන පරීක්ෂණකයකට යොමු වී ඇත. අමිත් ෂා 55 වැනි වියේ පසුවෙයි. “මගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා හොඳයි. එහෙත් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මා රෝහල් ගත වුණා” යැයි අමිත් ෂා කීය.

අමිත් ෂා අවසන් වරට අග්‍රාමාත්‍ය මෝදි මුණ ගැසුණේ කවදාදැයි විමසූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් තමාට නිශ්චිතව කිව නොහැකි යැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක කීය.


රොයිටර්
055



අදහස් (0)

ඉන්දියාවේ ස්වදේශ කටයුතු ඇමැතිට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site