IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ඉන්දියාව ලොව වැඩිම කොරෝනා වයිරස ආසාදිත ලැයිස්තුවේ දෙවැනි තැනට

 

 

අවසන් පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 90,082 දෙනකු හඳුනාගැනීමත් සමඟ ලොව දෙවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන රට බවට අසල්වැසි ඉන්දියාව පත්ව ඇත.

නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ ඉන්දියාව ඉකුත් මාර්තු මාසයේදී දැඩි සීමා පැනවූ අතර එසේ අගුළු දමා තිබූ ඇතැම් නගර සහ භූගත දුම්රිය සේවා මේ වනවිට ආරම්භ කෙරෙමින් තිබේ.

ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 4.2 ඉක්මවයි. එය දෙවැනි වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මිලියන 6.2ට පමණි. ඉන්දියාව දෙවැනි තැනට පත්වීමත් සමඟ බ්‍රසීලය වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන ලැයිස්තුවේ තෙවැනි තැනට පත්ව ඇත.

නව කොරෝනා වයිරස වසංගතය ලොවපුරා ව්‍යාප්ත වීමට පටන් ගැනීමෙන් පසුව ඕනෑම රටකින් වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන වාර්තා වී ඇත්තේ ද අසල්වැසි ඉන්දියාවෙනි. ඉන්දියාවෙන් මේ වනවිට දිනපතා වාර්තාගත වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වෙමින් තිබේ.

මුලදී ඉන්දියාවේ ප්‍රධාන නගරවල පමණක් ව්‍යාප්ත වෙමින් තිබූ නව කොරෝනා වයිරසය මේ වනවිට ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවලට ද පැතිර යමින් තිබේ. ඉන්දියාවේ වයිරස ආසාදිතයන් වාර්තා වීම තවමත් උච්ඡතම අවස්ථාවට පැමිණ නැතැයි ද විශේෂඥයෝ අනතුරු අඟවති.

රොයිටර්

055



අදහස් (0)

ඉන්දියාව ලොව වැඩිම කොරෝනා වයිරස ආසාදිත ලැයිස්තුවේ දෙවැනි තැනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site