IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉන්දියාවෙන් පැය 24 දී ආසාදිතයන් 96,551ක්

අසල්වැසි ඉන්දියාවෙන් අද (11) පස්වරුවෙන් අවසන් වූ පැය 24 කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 96,551 දෙනකු හඳුනාගත් බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එම ගණන ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය ලොව පුරා පැතිර යෑමට පටන් ගැනීමෙන් පසු ලොව ඕනෑම රටකින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන වේ.

ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ දී මුල් වරට හඳුනාගත් නව කොරෝනා වයිරසය චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ආරම්භ වී ලොව පුරා පැතිර යෑමට පටන් ගත්තේය.

අවසන් පැය 24 දී වාර්තා වූ ආසාදිතයන්ගේ ගණනත් සමඟ ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 4.5 ඉක්මවීය. ඒ අනුව එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 45,62,414ක් ලෙස දැක්විණි.

අවසන් පැය 24 දී ඉන්දියාවෙන් ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත මරණ 1,209 ක් වාර්තා වූ ඒ අනුව එරටින් වාර්තා වන වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 76,271ක් දක්වා ඉහළ ගියේය.

මේ වනවිට ඉන්දියාවේ රෝහල්වල ප්‍රතිකාර ලබන නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන 9,43,480ක් වන අතර සුවය ලැබූ ගණන 35,42,663ක් වේ.

එන්.ඩී.ටීවී.

055



අදහස් (0)

ඉන්දියාවෙන් පැය 24 දී ආසාදිතයන් 96,551ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site