( ලසන්ත නිරෝෂණ පෙරේරා)
ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවිමෙන් ඇඹිලිපිටිය සතිපොළ හා විදි වෙළදාම තාවකාලිකව නැවත්විමට ඇඹිලිපිටිය නගර සභාව අද (27) පියවර ගත්තේය.
ඇඹිලිපිටිය නගරාධිපති ලලිත් යූ ගමගේ මහතාගේ උපදෙස් අනුව මෙම තීරණ ක්‍රියාත්මක කරන බව ඇඹිලිපිටිය නාගරික මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
පාලන මිලට අනුව ප්‍රදේශයේ නිවෙස් අසළට වාහාන වලින් ගොස් ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණඩ අලෙවි කිරිමට අවසර ලබා දි තිබේ.
ඇඹිලිපිටිය නගරයේ සියලුම උසස් පෙළ විභාග මධ්‍යස්ථන විෂබිජහරණය කිරිමද සිදු සිදුකෙරිණි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද මධ්‍යස්ථානයට සම්බන්ධ මාලු වෙළෙදුන් දෙදෙනෙකු කොරෝනා ආසාදිත බවට ඇඹිලිපිටිය ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙන් වාර්තා ව්මෙන් පසු පුද්ගලයින් 170දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සති පොළ වසාදැමීම කොහොම උනත් පොටෝ එකේ පෙන්වන එළවලු ටික දැක්කාම පුදුම ආසාවක් එන්නේ. හා නැද්ද මන්අහන්නේ?
ඇඹිළිිපිටියේ සිට මාළු ගෙනෙන්න පෑලියගොඩ ගියේ හම්බන්තොට තංගල්ල වැනි ප්‍රදේශවල මාළු නැතිවද? නැත්නම් හම්බන්තොට හා තංගල්ල වැනි ප්‍රදේශ ඇඹිළිපිටියේ සිට දුර නිසාද?