
(තිළිණි ද සිල්වා)
අමෙරිකාවේ වොෂිංටන් නුවර ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා ඇතුළු එම තානාපති කාර්යාලයේ 4 දෙනෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි තානාපති ආරංචි මාර්ග වලින් සදහන් කරයි.
තානාපති ආර්යසිංහ මහතා ඇතුළු එම තානාපති කාර්ය මණ්ඩලයේ පිරිස මේවන විට ඔවුන් නිවාසවල නිරෝධායනය සඳහා යොමු කර ඇති බවද වාර්තා වේ.
ඇමෙරිකාවේ වොෂිංටන් හී ශ්‍රී ලංකා තානාපති වරයා වශයෙන් රවිනාථ ආර්යසිංහ මහතා නිල වශයෙන් රාජකාරි බාර ගනු ලැබුවේ ඉකුත් දෙසැම්බර් 04 වැනිදාය.
තානාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුට වයිරසය ආසාදනය වීමත් සමග තානාපති කාර්යාලය දින කිහිපයකට තාවකාලිකව වසාදමා තිබූ අතර වොෂිංටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට (11) යළි විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.
COMMENTS
ඡන්දයෙන් පරාජය වී පිස්සු නටන ට්‍රම්ප්ටත් ඔය ලෙඩේ බෝ කරලා, ධවල මන්දිරයට එයා ඇතුළු එයාගේ පන්දම් කාරයොත් නිරෝධායනය සඳහා යවලා, ලෝක අර්බුදයක් මගහරවන්න ඔය කට්ටියට පුළුවන් නේද? එහෙම කළොත් ඒක මුලු ලෝකයටම සෙතක් වේවි..!!!