
(නයනජීව බන්ඩාර)
දිවුලපිටිය කොවිඩ් 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මහඔය ප්‍රදේශයේදි හදුනාගත් කාන්තාවටද කොවිඩි 19 වැළඳී ඇතැයි ඒ සම්බන්ධයෙන් සිදුකල පී.සී.ආර් පරික්ෂණයේදි අද(06)තහවුරු වු බව මහඔය සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙම කාන්තාව මහඔය ඉද්දපොළ ප්‍රදේශයේ පදිංචි අයෙකු බව අනාවරණය වී තිබේ.
දිවුලපිටිය ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු මෙම කාන්තාව නිවාඩු ලබා නිවසට පැමිණ තිබුනේ ඉකුත් 04 දාය.
මෙම කාන්තාව තුලින්ද කොවිඩි රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ඇය ඉකුත් 05 දා රෝහල් ගතකර තිබිණි.
කළ පී.සී.ආර් පරීක්ෂණයේදි ඇයට කොවිඩ් 19 වැළඳී ඇතිබවට අද (06)තහවුරු වු බවත් මහඔය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි
COMMENTS
කොහොමද බදුර්දීන්ගේ ගේමට මිනිස්සුන්ට ගිල්ලවපු ටොපිය? බයියො තාම සූප්පු කරනවා.