
(ප්‍රදීප් කුමාර කුලරත්න)
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබාදී ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරමින් ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ 51 ක දෛනික ගමන්වාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු චානක ලංකානන්ද මහතා අද (17) පැවසීය.
ඒ සමගම බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයාගේ සේවයද අත්හිටු වීමට පියවර ගත් බව චානක ලංකානන්ද මහතා වැඩිදුරටත් කීය.
කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ආසන ගණනට මගින් ප්‍රවාහනය කරන ලෙසට සෞඛ්‍ය අංශ මගින් ලබා දී තිබූ උපදෙස් උල්ලංඝනය කරමින් වැඩිපුර මගීන් ප්‍රවාහනය කරන බවට පසුගිය කාලය පුරා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන ප්‍රාදේශීය කාර්යාල හතකට පැමිණිලි රැසක් ලැබී තිබුණි.
ඒ අනුව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතාගේ උපදෙස් මත මාර්ග පරීක්ෂක නිලධාරීන් යොදවා කොළඹ අංක 4 කාර්යාලය යටතේ පාලනය වන පෞද්ගලික බස් රථ 1078 පරීක්ෂාවට ලක් කර තිබූ අතර එම පරීක්ෂාවේදී ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස්රථ පනස් එකක් හමු වූ බව කියා සිටී.
පසුව එම බස් රථයේ දෛනික ධාවන ගමන් වාර දින තුනකට අත්හිටුවීමටත් එහි සේවය කළ රියදුරු හා කොන්දොස්තරවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවත් කියයි.
ඒ 2021.01.01 දා සිට 2021.02.17 දා දක්වා සිදුකළ වැටලීම් වලින් බව ද පැවසේ.
මෙම බස්රථ පිටකොටුව සිට කොට්ටාව, හෝමාගම, මහරගම, මත්තේගොඩ, අවිස්සාවේල්ල, කොට්ටාව-පිලියන්දල, මහරගම-පිළියන්දල, මහරගම-කටුවාවල, මොරගහහේන-කොට්ටාව, කොට්ටාව-තලගල, හෝමාගම සහ හංවැල්ල යන මාර්ගවල ධාවනය වන පෞද්ගලික බස් රථ බවද පැවසේ.
මෙම වැටලීම් ඉදිරියටත් සිදුකරනා අතර අදාළ බස් රථ වල තවදුරටත් වැඩිපුර මගීන් ප්‍රවාහනය කලහොත් ඔවුන්ගේ මාර්ග බලපත්‍රය අත්හිටුවීමට පියවර ගන්නා බව ද ප්‍රාදේශීය කළමනාකරු චානක ලංකානන්ද මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම වැටලීමට ප්‍රාදේශීය කළමනාකරු චානක ලංකානන්ද මහතාගේ උපදෙස් මත, කොළඹ අංක 4 ප්‍රාදේශීය කාර්යාලයේ මාර්ග පරීක්ෂක කණ්ඩායම් නායක, කේ.එම් . ප්‍රසන්ත, ඩී.එම්. පියසේන, ඩී.ටී.කේ.සී. සේරම්, එස්. රණවීර, සම්පත් පෙරේරා සහ ජයවික්‍රම මිහිරාජ් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
COMMENTS
උදේට, හවසට කාර්යාලය වෙලාවට යන එන ලංගම බස් එහෙම මේ උන්දැලාට පෙනිලා නෑ මම හිතන්නේ... ප්‍රයිවට් බස් වල විතරක් කොරෝනා බෝ වෙනවා කියලා හොයාගත්ත උත්තමයාට දෙන්න ඕනේ ධම්මික පැණි බෝතලයක්ම...
මේවා ඔක්කොම බොරු බයිලා...
ඔය කියපු මාර්ගවල විතරක් නොවේ. හැම තැනම ඔහොම තමයි.