කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 963දෙනෙකු සුව වූ බව තහවුරු කර රෝහල්වලින් පිටව ගොස් ඇති බව අද(29) වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ දෛනික වාර්තාවේ දැක්වේ.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 55,398කි.
ආසාදිතයෝ 5,891දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙති.
වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන කොරෝනා බවට සැකකටයුතු රෝගීන් ගණන 720කි.
සුවය ලැබූ පිරිස ප්‍රතිශතයක් වශයෙන් 88.4%ක් සහ ආසාදිතයන් ගණන 11.1%ක් බව කෝවිඩ්-19ට එරෙහි ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මේ වනවිට තහවුරු කළ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 61,586ක් වන අතර, 297දෙනෙකු මියගොසිනි.
මිය ගිය පිරිසගෙන් 187දෙනෙකු පුරුෂයන් වන අතර, සෙසු 110දෙනා කාන්තාවෝය. එසේම කොරෝනා මරණවලින් 39%ක් වාර්තාවන්නේ, අවුරුදු 61-75 වයස් කාණ්ඩයේය.
2025 නොවැම්බර් මස 17
87
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
927
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2546
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ආසාදිතයෝ 963ක් සුවය ලබති