
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 771දෙනෙකු අද(25)සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, මේ වනවිට සුවය ලැබූ සමස්ත ගණන 31,339කි.
අද සුවය ලබා පිටව ගිය පිරිස අතර, වැඩිම පිරිසක් වාර්තා වන්නේ
ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වන අතර එම ගණණ 113කි. සුවය ලැබූ සෙසු පිරිස අතර,
*පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් - 46
*කෝපායි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් - 72
*හික්කඩුව ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් - 66 දෙනෙක් සහ තවත් අය වෙති.
ආසාදිතයෝ 7707ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙති.
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් මුළු ගණන 39,231ක් වන අතර, 185දෙනෙකු මිය ගොසිනි.
COMMENTS