ලොව පුරා කොවිඩ් වසංගතයට ගොදුරු වූවන් දෛනිකව දහස් ගණනින් මියයන පසුබිමක අවුරුදු සියය ඉක්මවූවෙකු සුවය ලැබීමේ පුවතක් ඉන්දියාවේ නවදිල්ලියෙන් වාර්තා වේ.
106 හැවිරිදි වියේ පසුවන මුක්තාර් අහ්මද්, ජීවත් වන්නේ කොවිඩ් වසංගතයෙන් බැටකමින් සිටින ඉන්දියාවේ නවදිල්ලි නුවරය. ඔහු මීට මාසයකට පමණ පෙරාතුව කොරෝනා රෝගයට ගොදුරු වූ අතර සිය වයස්ගත තත්ත්වය හේතුවෙන් දැඩි අවධානමකට මුහුණ දී සිටියේය.
කෙසේ නමුත් දෛවයට අභියෝග කළ මුක්තාර්, කොරෝනා පරදා සුවය ලබා පසුගිය දා සිය නිවස වෙත යළිත් පැමිණියේය.මුක්තාර් පවසන්නේ මෙය තමන් මුහුණදුන් පළමු වසංගතය නොවන බවය.
1918 වසරේදී ස්පාඤ්ඤ උණ වසංගත තත්ත්වය ලොව පුරා පැතිර යද්දී තමන් සිව්වැනි වියේ පසුවූ බවත්, ඉන් බේරී තමන්ට ජීවත්වීමට වාසනාව ලැබූ බවත් ඔහු ඉන්දීය මාධ්‍ය වෙත පැවසීය .
125
ගාඩියන් ඇසුරෙනි

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.