(ක.ග.කරුණාරත්න)
අරලගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පිහිටි නිරෝධායනය මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින පොලීසියේ සාමාජිකයන් 44 දෙනෙකු කොරෝනා වයිරසය ආසාදිත බවට අද(22) අලුතින් හඳුනා ගනු ලැබූ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්-කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා ප්‍රකාශ කලේය.
ඔවුහු පුනානී බැටිකලෝ කැම්පස්හි පිහිටි කොවිඞ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ප්‍රතිකාර සඳහා යොමු කළ බවද ඒ මහතා පැවැසීය.
මෙම පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටි පොලීසියේ 98 දෙනෙකු මීට පෙර කොරෝනා වයිරසය ආසාදිතව දැනට ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන බවද වෛද්‍ය කුමාරවංශ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනාටම ඉක්මන් සුවය පතමු. දිරිමත් වන්න බිය නොවන්න. මින් අත්මිදුණු පසුව ගෙවන දැහැමි දිවිය ගැන පමණක් ගැන සිතන්න.