
(ක.ග. කරුණාරත්න)
අරලගංවිල පොලිසියේ රාජකාරි කරන උප පොලිස් පරීක්‍ෂකවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු එම පොලිසියේ සේවය කරන 136 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්‍ෂණ සිදුකළ බවත් එම වාර්තා ලැබෙන තෙක් අරලගංවිල පොලිසිය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා (21) ප්‍රකාශ කළේය.
පොලිසියේ සියළුම දෙනා මේ වනවිට එම පොලිස් ස්ථානය තුළම නිරෝධායනය සඳහා යොමුකර තිබෙන බවද ඒ මහතා පැවසීය.
ඊට අමතරව කොරෝනා වයිරසය ආසාධිත එම පොලිස් නිලධාරියාගේ ආශ්‍රිතයන් ලෙස මේ වනවිට හඳුනාගෙන ඇති පවුල් 14කට අයත් පුද්ගලයෝ 53 දෙනෙකු සංචරණ සීමා පනවා පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා යොමුකර ඇතැයිද ඒ මහතා කීවේය.
මෙම පිරිස අරලගංවිල, තමන්කඩුව, සිරිපුර යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට අයත් වන බවද වෛද්‍ය කුමාරවංශ මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd