IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


අරණායක විල්පොළ අගුලු අරී

(ප්‍රදීප් කුමාර ධර්මරත්න)
 
කොවිඩ් -19 වයිරසය ආසාදිතයින්ගේ ව්‍යාප්තිය හේතුවෙන් සති දෙකක කාලයක් හුදකලා කර සංචරණ සීමා පනවා තිබූ අරණායක විල්පොළ මුස්ලිම් ගම්මානය අද(02) පෙරවරුවේ සිට හුදකලා තත්ත්වයෙන් මුදාහැරීමට පියවර ගත් බව අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා පැවසීය.
 
කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු විල්පොළ ගම්මානයෙන් ඉකුත් 19 වනදා වන විට වාර්තාවීමත් සමඟ ගම්මානය හුදකලා කර සංචරණ සීමා පනවා තිබුණි. ගම්මානයේ පිහිටි රජයේ පාසල් දෙකක් ඇතැම් රජයේ කාර්යාල කිහිපයක් ද වසා දැමීමට පියවර ගෙන තිබුණි.
 
ආසාදිතයන් 13 දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කොට ඔවුන්ගේ සමීපතමයින් නිරෝධායනයට යොමු කර සිදු පී.සී.ආර්. පරීක්ෂණවලදී තවත් රෝගීන් 05 දෙනෙකු හමු වී ඇති අතර ඔවුන් ද ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.
 
දින 14 කට පසුව 02  පෙරවරුවේ විල්පොළ ගමට යොදවා තිබූ පොලිස් ආරක්ෂාව හා මාර්ග බාධක ඉවත් කිරීමත් සමග එම ගම්මානයේ ජනතාව දිප්පිටිය නගරයට පැමිණ සිය වෙළද ව්‍යාපාර විවෘත කර දෛනික කටයුතු ව  නිරතව සිටින අයුරු දැක ගත හැකි විය.



අදහස් (0)

අරණායක විල්පොළ අගුලු අරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 357 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 431 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site