IMG-LOGO

2024 මැයි මස 30 වන බ්‍රහස්පතින්දා


අරණායක ප්‍රා. ලේකම් කාර්යාලයේ නිලධාරින් හය දෙනෙකු ස්වයං නිරෝධානයට

 

(ප්‍රදිප් කුමාර ධර්මරත්න)

කොවඩ්-19 වෛරසය ආසාදිතයෙකුගේ ලගම ආශ්‍රිතයෙකු සිටීම නිසා අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් හය දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරීමට අද (15) කටයුතු කළ බව අරණායක මහජන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා පැවසීය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ රැකියා අංශයේ සේවය කරන නිළධාරිනියකගේ සැමියා කොවිඩ්-19 ආසාධනය විම නිසා එම ආසාධිතයා මාවනැල රෝහලින් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරිමට පියවර ගෙන තිබේ.

ආසාදිත වු පුද්ගලයා කොළඹ වරායේ සේවය කරන අයෙකු බවත්, ඔහු ඉකුත් 13 වැනිදා අසනීප වී මාවනැල්ල රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගැනිමට යාමේදී කොවිඩ්-19 වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී තිබෙන බවද පැවසේ.

ආසාදියාගේ බිරිද අරණායක පදිංචිකාරියක් බවත්, ඇය අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ රැකියා අංශයේ සේවය කරන බවත්, ඇය සමග සමීපව ඇසුරු කළ එම කාර්යාලයේ නිලධාරිනියන් පස් දෙනෙකුද ස්වයං නිරෝධානයට යෙමු කිරිමට කටයුකු කළ බවත් වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා පැවසිය.

අදාළ නිලධාරිනියගේ දරු දෙදෙනාද ඇය සමග නිරෝධායනය සඳහා යොමු කර ඇත.



අදහස් (0)

අරණායක ප්‍රා. ලේකම් කාර්යාලයේ නිලධාරින් හය දෙනෙකු ස්වයං නිරෝධානයට

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1148 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2772 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 938 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 724 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 931 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 808 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1026 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2600 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2218 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site