( නවරත්න සමරතුංග)
අම්පාර නගරසභා බල ප්‍රදේශයේ කොරෝනා කොවිඩ් 19 ආසාධිත පුද්ගලයින් පස්දෙනෙකු වාර්තාවීමෙන් පසුව ග්‍රාම නිලධාරී වසම් හතරක් ආවරණය වන පරිදි සෞඛ්‍ය සංචරන සීමා පැනවීමට අම්පාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් අද( 06 )පියවර ගෙන තිබිණි.
ඒ අනුව හිඟුරාණ අම්පාර ප්‍රධාන මාර්ගයේ මිහිඳුපුර, ඉන්ද්‍රසාරපුර, සේනානායකපුර, ජයවර්ධනපුර යන වසම් වලට මෙම සෞඛ්‍ය සංචරණ සීමා පනවා තිබුන නමුත් අත්‍යාවශ්‍ය ගමානාගමන කටයුතු වලට ඉඩ ලබාදී තිබිණි.
පසුගිය 04 දින සේනා නායකපුර වසමේ එක් පුද්ගලයෙකුට සිදුකල පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාධිතයෙකු බවට අනාවරණය වීමෙන් පසුව ඔහුගේ පවුලේ සාමාජිකයින් හතරදෙනෙකු ආසාධිතයින් බවට හඳුනා ගෙන ඇත.
මෙම පොකුරේ මුල්ම රෝගියා වූයේ අම්පාර පොදු වෙළඳ සංකීර්ණයේ ව්‍යෘපාරිකයෙකුගේ රියැදුරෙකකු බවත් ඔහුගේ ඒ අනුව පවුලේ සමීපතමයින් මෙසේ ආසාධිතවූ බව කියති.
මේ අතර ඊයේ උදෑසන සෞඛ්‍ය සංචරණ සීමා පැනවූ වසම්වල පුද්ගලයින්ට පී.ෂී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගෙන තිබිණී.
කෙසේ වුවුද අම්පාර නගරයේ අත්‍යාවශ්‍ය සේවා ස්ථානයන් වන රාජ්‍ය බැංකු, සහ මූල්‍ය ආයතන, ඔසුසැල්, ෆාමසි, ආයතන විවෘතව පැවති අතර අනෙකුත් කඩ සාප්පු සහ වෙළඳ ආයතන වසා තැබීමට සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය විසින් ව්‍යාපාරිකයින්ට උපදෙස් දී තිබිණි. එහෙත් ‘සතොස’වෙළඳ ආයතන වලින් පාරිභෝගිකයින් සඳහා බඩු නිකුත් නොකෙරිණි.
සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව අම්පාර නගරයට පිවිසෙන සියළුම පිවිසුම් මාර්ග සහ ප්‍රධාන මංසන්ධි වලට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බව අම්පාර මූලස්ථාන පොලීසිය සඳහන් කලේය.
2025 දෙසැම්බර් මස 30
75
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අම්පාර ග්‍රාම නිලධාරි වසම් 4කට සංචරණ සීමා