
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සියලුම සිසුන්, තම සෞඛ්‍ය තත්වය ඇතුළු අනෙකුත් තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශයට ලබාදිය යුතු බව අමාත්‍යංශය පවසයි.
ඒ අනුව, එම තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශයේ https://info.moe.gov.lk වෙබ් අඩවියේ ඉදිරිපත් කර ඇති තොරතුරු පත්‍රිකාවට ඇතුළත් කළ යුතු බවද අමාත්‍යංශය සඳහන් කරයි.
විභාග සඳහා පෙනීසිටින සිසුන්ගේ තොරතුරු මාර්ගගත ක්‍රමයට ලබාදීමට නොහැකි වූ සිසුන් තමා විභාගයට පෙනී සිටින මධ්‍යස්ථානයට එම තොරතුරු ඉදිරිපත් කළ යුතු වේ.
ඒ සඳහා අදාළ ආකෘතිපත්‍රය (සිංහල/ දෙමළ/ ඉංග්‍රීසි) භාෂාත්‍රයෙන් ම විභාග දෙපාර්තමේන්තුව විසින් විභාග මධ්‍යස්ථානාධිපති වෙත ලබාදීම සඳහා කලාප/ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වෙත යොමුකරන බව අමාත්‍යංශය කියයි.
උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සියලු සිසුන් තම තොරතුරු ඇතුළත් කිරීම අනිවාර්යෙන් කළ යුතු අතර, 5 ශ්‍රේණියේ සිසුන්ගේ දෙමව්පියන් විසින් තොරතුරු සම්පූර්ණ කළ යුතුය.
පළමු අවස්ථාවේදී තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසු, තමාගේ හෝ තම පවුලේ අයෙකුගේ සෞඛ්‍ය තත්වයේ යම් ගැටලුවක් මතුවුවහොත් ඒ අවස්ථාවේදී නැවත තොරතුරු ඉදිරිපත් කළ යුතුය.
විභාග අපේක්ෂකයන්ගේ තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කරන බවද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලින්ක් ඒක තවම වැඩකරන්නේ නැහැ...
අගය කළ යුතුයි.
අගය කරමි...!!!
ඉතා හොඳයි.