
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවු දෙනෙකු අද (5 වැනිදා) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 343 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මියගිය පිරිස අතර කාන්තාවක් සහ පිරිමි තිදෙනෙක් වෙති.
මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 393 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 9.21 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 729 කි.
මේ දක්වා ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 67,844 ක් වාර්තා වී තිබේ. ඔවුන් අතුරින් මේ දක්වා 61,461 දෙනකු සුවය ලබා ඇත.
මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව 6044 කි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd