
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයකු අද (03 වැනිදා) දිනයේදී මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 484 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද මියගොස් ඇත්තේ එරාවුර් ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවකි.
මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 130 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 21.30 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 335 කි.


COMMENTS