IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අගමැති ආරක්ෂක අංශයට අනුයුක්ත කොස්තාපල්වරියකට කොරෝනා

(ඞී.කේ.රත්න සහ සමන් පාලිත නානායක්කාර)
 
හල්දුම්මුල්ල හාල්අටුතැන්න ප‍්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරියකට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (14) තහවුරු වී ඇතැයි හල්දුම්මුල්ල සෞඛ්‍ය සේවා  නිලධාරීහු කියති.
 
ඇය අගමැති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවයේ යෙදී සිටින පොලිස් කොස්තාපල්වරියක බවට හඳුනා ගෙන ඇත.
 
මෙම පොලිස් කොස්තාපල්වරිය හල්දුම්මුල්ල ප‍්‍රදේශයේ සිය නිවසට පැමිණි විට ඉකුත් 12 වන දින පී.සී.ආර්.පරීක්ෂණයට ලක්කර  තිබෙන අතර එම පී.සී.ආර්.වාර්තාව අනුව කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගෙන තිබේ.
 
ඇයගේ විවාහ මංගල්‍ය උත්සවය යෙදී ඇති බැවින් ඊට අදාල වැඩ කටයුතු සඳහා ප්‍රදේශයේ ස්ථාන රැසකට මෙම පොලිස් නිලධාරිනිය සැරිසරා ඇති බවට කරුණු අනාවරණය වන බව හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියයි. 
  
ආසාදිත පොලිස් නිලධාරිනියගේ පවුලේ සාමාජිකයන්ගේ පී සී ආර්  පරීක්ෂණ සිදුකිරීමට  කටයුතු කර ඇති බවත් සෙසු ආශ්‍රිතයින් සොයා  විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් සෞඛ්‍ය අංශ කියයි. 
 
ආසාදිත පොලිස් කොස්තාපල්වරිය කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නියමිතය. 
 

 



අදහස් (0)

අගමැති ආරක්ෂක අංශයට අනුයුක්ත කොස්තාපල්වරියකට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site