
(*** මුදිතා දයානන්ද)
හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට ලැබුණු තොරතුර ගැන බුද්ධි සමාලෝචන රැස්වීමේදී ඉදිරිපත් කිරීම ඔහුගේ වගකීමක් මිස තමන්ගේ වගකීමක් නොවන බව ද ඔහු කිසිම අවස්ථාවක තමන්ගෙන් උපදෙස් නොපැතූ අතර ඔහුට උපදෙස් දීමේ වගකීමක් තමන්ට නොමැති බව ද හිටපු ජාතික බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා පෙරේදා (14) පැවැසීය.
රාජ්‍ය බුද්ධි ප්‍රධානියා වෘත්තීමය වශයෙන් ගනුදෙනු කළේ ආරක්ෂක ලේකම්වරයා සමග බව ද ඔහු පැවැසීය.
ඔහු මේ බව පැවැසුවේ පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.
විදේශීය බුද්ධි අංශයකින් ලැබුණු තොරතුරක් පිළිබඳව නිලන්ත ජයවර්ධන මහතා 2019 අප්‍රේල් 7 වැනිදා ලිඛිතව ඔබ දැනුවත් කළේ දැයි නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙන්ඩිස් මහතාගෙන් ප්‍රශ්න කළාය.
‘ටොප් සීක්‍රට්’ යනුවෙන් සඳහන් කරමින් එවැනි ලිපියක් තමන්ට අප්‍රේල් අටවැනිදා ලැබුණු බව ද සහරාන් හෂීම් ප්‍රමුඛ ජාතික තවුහිද් ජමාත් සංවිධානය, ඉදිරියේදී සිදුකරන්නට යන ප්‍රහාරයක් පිළිබඳව එහි සඳහන් වූ බව ද එහිදී මෙන්ඩිස් මහතා පැවැසීය.
රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙන්ඩිස් මහතා තමන් බෞද්ධයකු වුව ද තම බිරිඳ රෝමානු කතෝලිකයකු බව ද ඇය පල්ලියට කැඳවා ගෙන යාම තමන් විසින් සිදුකරනු ලබන බව ද ප්‍රකාශ කළේය.
එවැනි පසුබිමක් තුළ වැදගත් පල්ලිවලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට තොරතුරක් ලැබුණු විට කුමක් කළේ දැයි විමසූ විට ඔහු පැවැසුවේ තමන් එම තොරතුර ලද වහාම ආරක්ෂක ලේකම් හමුවීමට උත්සාහ කළ ද එදින පෙරවරුවේ ලේකම්වරයා ඉන්දීය ආරක්ෂක ලේකම් සමග සාකච්ඡාවක නිරත වූයෙන් එම අවස්ථාව මගහැරී ගිය බවය. එහෙත් නැවත උත්සාහ කර තමන් එදින පස්වරුවේ ආරක්ෂක ලේකම් හමුවී මේ පිළිබඳව දැනුවත් කළ බව ද එය පසු දින පැවැත්වෙන බුද්ධි සමාලෝචන රැස්වීමේදී සාකච්ඡාවට ගන්නා ලෙස නිලන්ත මහතාට දන්වන ලෙස ලේකම්වරයා පැවැසූ බව ද ඔහු ප්‍රකාශ කළේය.
තමන්ට ඒ ගැන නිලන්ත මහතාට දැනුම්දීමට අමතක වූ බව ද එහෙත් ඔහුට ලැබුණු තොරතුර ගැන බුද්ධි සමාලෝචන රැස්වීමේදී සාකච්ඡාවට ගැනීම නිලන්ත මහතාගේ වගකීම බව ද මෙන්ඩිස් මහතා පැවැසීය.
ඒ සඳහා න්‍යාය පත්‍රයේ වෙනම වෙලාවක් වෙන් කිරීමේ අවශ්‍යතාවක් නැති බව ද රාජ්‍ය බුද්ධි ප්‍රධානියාට කතා කිරීමට වෙන්කර තිබෙන අවස්ථාවේ මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමේ හැකියාවක් නිලන්ත මහතාට තිබූ බව ද ඔහු පැවැසීය.
නිලන්ත මහතාට තොරතුර ලබාදුන් තොරතුරුකරු කවුද යන්න ඔහු තමන්ට නොපැවැසූ බව ද එය විදේශ බුද්ධි අංශයකින් ලැබුණු තොරතුරක් බව දැනගත්තේ මෙම කොමිසමේදී බව ද මෙන්ඩිස් මහතා පැවැසීය.
මෙන්ඩිස් මහතා තමන්ට ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත මහතාට අටවැනිදා යවනු ලැබූ ලිපියෙන් පසු ඔහු දුරකතන ඇමතුමක් ගෙන සහරාන් හෂීම්ට රටින් පිටවීමට දේශපාලනඥයකුගේ සහෝදරයකු සහාය දුන් බවට එම ලිපියේ සඳහන් කාරණාවෙන් දේශපාලන ප්‍රශ්නයක් මතුවිය හැකි නේද යැයි විමසූ බව ද ඔහු පැවැසීය.
රාජ්‍ය බුද්ධි ප්‍රධානී අප්‍රේල් හත්වැනිදා යොමුකළ ලිපියෙන් ඔබෙන් උපදෙසක් බලාපොරොත්තු වී තිබුණා නේද යැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඉදිරිපත් කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය බුද්ධි ප්‍රධානී තමන්ගෙන් උපදෙස් පැතීමෙන් වැඩක් නොවන බවය.
නිලන්ත මහතා කරන්නේ කුමක්දැයි තමන් නොදන්නා බව ද ඔහු කටයුතු කළේ ආරක්ෂක ලේකම් යටතේ බව ද ඒ නිසා ඔහුට දිය යුතු උපදෙස් මොනවා දැයි තමන් නොදන්නා බව ද මෙන්ඩිස් මහතා පැවැසීය.
රටේ බුද්ධි තොරතුරු සපයන ප්‍රධානම ආයතනය භාරව සිටි පුද්ගලයා නිලන්ත මහතා බව ද ඒ නිසා ඔහු තමන්ගෙන් උපදෙස් පැතීමේ අවශ්‍යතාවක් නැති බව ද ඔහු පැවැසීය.
එහිදී කොමිසමේ කොමසාරිස්වරයකු වඩාත් වැදගත් තනතුර රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ද ජාතික බුද්ධි අධ්‍යක්ෂ ද යනුවෙන් ප්‍රශ්න කළේය.
ජාතික බුද්ධි ප්‍රධානී ලෙස තමන් කළේ සම්බන්ධීකරණ කටයුත්තක් පමණක් වන අතර නිලන්ත ජයවර්ධන මහතාට රට පුරා විසිරුණු බුද්ධි නිලධාරීන් හා තොරතුරුකරුවන් සිටි බව ඔහු කීය.
2025 නොවැම්බර් මස 04
202
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2075
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1591
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාජ්‍ය බුද්ධි ප්‍රධානියාට ලැබෙන තොරතුරු රැස්වීමට ඉදිරිපත් කිරීම ඔහුගේ වැඩක්
thushara Thursday, 17 September 2020 03:52 AM
මම හිතන්නේ මේ මිනිස්සු බොරු කියනවා. එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීම දේශපාලනයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය. කිසිවෙකු වගකීම භාර ගන්නේ නැත. ඔවුන් එතරම් උනන්දුවක් දැක්වූයේ නම්, ඔවුන්ට පහසුවෙන් මෙම පුවත සමාජ මාධ්‍ය වෙත ඇතුළත් කළ හැකිය. ජනතාව මීට වඩා හොඳ ආකාරයකින් ප්‍රතිචාර දක්වනු ඇත. අපිට තව ජීවිත ගණනක් රැක ගන්න තිබුණා.