(මනෝප‍්‍රිය ගුණසේකර)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා විත්ති වාචක නොකැඳවාම නිදහස් කරන්නැයි විත්ති පාර්ශවයෙන් කළ ඉල්ලීම පිළිබඳ තීන්දුව ලබන 27 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද (11) දැනුම් දුන්නේය.
නීතීවිරෝධී ක‍්‍රියාකාරකම් වලින් උපලබ්ද වු රුපියල් කෝටි 55 ක මුදලක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ ඔහුට විරුද්ධව නඩු පවරා තිබේ.
නඩුවේ පැමිණිල්ලේ සාක්කි විමසීම අවසන් කළ අවස්ථාවේදී ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනකුට එරෙහි චෝදනා පැමිණිලි පාර්ශවය විසින් ඔප්පු කොට නොමැති හෙයින් විත්තියේ සාක්කි කැඳවීමකින් තොරවම විත්තිකරුවන් නිදහස් කරන්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් පැමිණිල්ලේ හා විත්තියේ කරුණු විමසීම අවසානයේදී විනිසුරු මඩුල්ල එලෙස දැනුම් දුන්නේය.
ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම විනිසුරු මඩුල්ල ලෙස පත් කරනු ලැබ සිටින කොළඹ මහාධිකරණයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කරන ලදී.
2014 පෙබරවාරී මස පළමුවැනිදාත් 2015 ජනවාරී මස 20 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව කැන්විල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ නඩුවේ දෙවැනි විත්තිකාර පියදාස කුඩාබාලගේ මහතා බාරයේ තිබු නීතීවිරෝධී ක‍්‍රියාකාරකම් වලින් උපලබ්ද වු මුදල් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කිරීම සඳහා කුමන්ත‍්‍රණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම නඩුව වන මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගැනීමෙන් පසුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරු මඩුල්ල මෙම නඩුව ලබන 27 වැනිදා යළි කැඳවීමටද නියම කෙරිණි.
පළමු විත්තිකරු වෙනුවෙන් නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා සමඟ ජනාධිපති නීතීඥ අලි සබ්රී මහතාද, දෙවැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ නවීන් මාරපන මහතා සමඟ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතාද, තුන්වැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ හෙමන්ත ගමගේ මහතා සමඟ නීතීඥ නලීන්ද ඉන්දතිස්ස මහතාද, සිව්වැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ අනුර චන්දසිරි මහතා සමඟ ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතාද ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.
2025 දෙසැම්බර් මස 04
549
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
488
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාමිණි සෙනරත් නඩුවේ විත්ති පාර්ශවයේ ඉල්ලීම ගැන තීන්දුව 27 වැනි දා
පිටිගල මිලානෝ Monday, 11 March 2019 01:44 PM
මෝටර් බයිසිකලයකින් ඉස්සර ගිය මොහුට දැන් කොළඹ හතේ ගෙවල් දුසිමක් විතර තියෙන්නේ කොහොමද? නඩු නැතුව ඉන්නේ මෙයා දැන් සමනළ තටුවක් යට හැංගිලා ඉන්න නිසාද?
ranjith Monday, 11 March 2019 02:16 PM
නඩු වලින් මෙහෙම ලේසියෙන් ගැලවෙන්න පුලුවන්ද? නීතිය දුප්පත් මිනිසුන්ට විතරමද ක්‍රියාත්මක වෙන්නේ?
Wasudewa Tuesday, 12 March 2019 02:22 AM
ඔය විශේෂ අධිකරණ හදපු එකේ තේරුම මොකක්ද? මහජනතාවගේ බදු මුදල් ලක්ෂ ගණන් නිරාපරාදේ නාස්තියක්. ප්‍රකෝටි ගණන් මහජන මුදල් හොරාකාපු අය ඔක්කොම තවම නිදැල්ලේ. මෙහෙම හොරුන් නිදැල්ලේ ඉන්න රටක් ලෝකේ කොහෙවත් නැහැ.