IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වැලි ගොඩ දැමීමේ විපාක ජනතාව දැනුවත් කරවනු

ත්‍රිකුණාමලය, කින්නියා, කන්දකාඩු ප්‍රදේශයේ මහවැලි ගඟේ අනවසරයෙන් වැලි ගොඩදමමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය නාවික හමුදා කණ්ඩායමකට ප්‍රදේශවාසීන් පිරිසක් පහරදීම නිසා නාවික භටයන් 12 දෙනකු තුවාල ලබා ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. අනවසර වැලිගොඩ දමන්නන් වැටලීමට නාවික භටයන් ගිය අවස්ථාවේ තිදෙනකු මහවැලි ගඟට පැන ඇති අතර ඉන් දෙදෙනකුගේ මළ සිරුරු සොයා ගත් බවත් තවත් පුද්ගලයකු පීනා ගොඩට ආ බවත් සඳහන් විය.

පිට පළාත්වලින් පොලිස් බළ ඇණි ගෙන්වා තත්ත්වය පාලනය කිරීමට හැකි වූ බව ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
කාරණා ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය.

සිද්ධියෙන් පුද්ගලයෝ දෙදෙනක් මිය ගොස් ඇත්තාහ. නාවික සෙබළු 12 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. ඒ සියල්ල සම්බන්ධයෙන් ලංකාදීපයේ සාතිශය සංවේගය පළමුව පුද කරමු.

අනවසර වැලිගොඩදැමීම බරපතළ ජාතික ව්‍යසනයක් බවට පත්ව තිබේ. ගංගා පතුල් හාරා වැලි ගොඩදමා විකිණීමේ ජාවාරම රටපුරා ජයටම සිදු කෙරේ. මේ සම්බන්ධයෙන් පාලකයන්ගේ ද දැඩි අවධානය යොමු වී ඇති බව ඔවුන් වරින්වර කරන ප්‍රකාශවලින් ද පැහැදිලි වේ. එයට අමතරව පරිසර සංරක්ෂණයට අදාළ නීතිරීති ද වරින්වර පැන වේ. එහෙත් වැලි ගොඩදැමීම පාලනය කිරීමට තවමත් හැකියාවක් නැත.

මහවැලි ගඟේ වැලි ගොඩදමමින් සිටියදී නාවික හමුදාව එනු දැක බියට පත්ව මහවැලි ගඟට පැනීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ දෙදෙනාගේ ජීවිත මේ වැලි ජාවාරමේ අංශු පමණි. ඇතැම්විට ඔවුන් දෛනික කුලීකරුවන් විය හැකිය. එහෙත් අවසානයේ ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වී තිබෙන්නේ ඔවුන්ටය. මහා ජාවාරම්කරුවෝ නිදැල්ලේ පසුවෙති.

අනවසරයෙන් වැලි ගොඩදැමීම වැනි ව්‍යාපෘතියක් හොර රහසේ කළ නොහැකිය. එය කළ යුතු වන්නේ විවෘතවය. සාමාන්‍ය මිනිසකුට එවැනි ජාවාරමක් කිරීමට ශක්තියක් නැත. මෙබඳු ජාවාරම් කළ හැකි වන්නේ එබඳු ජාවාරමක් කරනවිට එළැඹිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය ඇති ප්‍රබලයන්ට පමණි. එබඳු ශක්තියක් ගොඩනඟාගත හැකිවන්නේ දේශපාලනයෙනි. එසේනම් මෙම ජාවාරම් පිටුපස සිටින්නේ දේශපාලනඥයන් විය යුතුය. නොඑසේ නම් දේශපාලනඥයන්ගේ ආශිර්වාදය හා රැකවරණය ලබන්නන් විය යුතුය.

අනවසරයෙන් වැලි ගොඩදැමීම වැනි ජාවාරම් මැඬලීම අසීරු වී තිබෙන්නේ මෙම “දේශපාලන අදිසි හස්ත” නිසාය. කිනම් හෝ ක්‍රමයකින් ආරක්ෂාව සලසාගෙන තම ජාවාරම ජයටම කරගෙන යාමට ඔවුහු සමත් වෙති. මෙම ජාවාරම නිසා පරිසරයට සිදුවන හානිය සම්බන්ධයෙන් ඔවුහු අවධානය යොමු නොකරති. ගං ඉවුරු කැඩී බිඳී ගොස් ගඟේ වතුර ගමට ගලා ඒමෙන් සිදුවන හානිය ඔවුහු නොතකති. ඉකුත් සමයේ කැලණි මිටියාවතේදීත් ආසන්න මෑත සමයේ දී උතුරේදීත් අත්විඳි සත්‍යය එයමය. එහෙයින්ම මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට මරණ දඬුවම ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන්නා සේම අනවසර වැලි ගොඩ දමන ජාවාරමට ද එරෙහිව පැනවිය යුතු දඬුවම් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය.

කින්නියාවේ දී ආරක්ෂක අංශ හා ප්‍රදේශවාසීන් අතර ගැටුමක් ඇවිළී ගියේය. මාධ්‍ය වාර්තාවලට අනුව ආරක්ෂක අංශ ඉතා බුද්ධිමත්ව හා ඉවසීමෙන් කටයුතු කර තිබේ. නැතහොත් තවත් කටුනායකක් හෝ රතුපස්වලක් ඉතිහාසයට එක්වීමට ඉඩ තිබිණි. සාමාන්‍ය ජනයා ද කල්පනා කළ යුතු වන්නේ ඕනෑම අවස්ථාවකදී නීතියට ඉඩ දී කටයුතු කිරීම සම්බන්ධයෙනි. නීතිය අතට ගෙන කටයුතු කිරීමට පෙළඹුණහොත් බරපතළ ප්‍රශ්න නිර්මාණය වන බවට උදාහරණ ඕනෑ තරම් තිබේ.

මෙබඳු අවස්ථාවක දී සාමාන්‍ය ජනයා කුපිත කරවා ඔවුන් ආවේගශීලීව හැසිරවීමට සංවිධානාත්මක පිරිස් සිටිති. ඔවුහු එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු නොව රංචුවක්ම බා ගැනීමට උත්සාහ කරති. එහෙත් අවසානයේ වන්දි ගෙවීමට සිදුවන්නේත් විඳවීමට සිදුවන්නේත් සාමාන්‍ය මිනිසාටමය. එහෙයින් ජාවාරම්කරුවන්ගේ උගුල්වල නොවැටී කටයුතු කිරීමේ ප්‍රඥාව සාමාන්‍ය ජනයා පහළ කරගත යුතුය. එසේ නොවන්නේ නම් ‘වෙච්ච දේට වඩා කරගත්ත දේ ලොකුයි’ කියා කීමට සිදුවීම වැළැක්විය නොහැකිය.



අදහස් (3)

වැලි ගොඩ දැමීමේ විපාක ජනතාව දැනුවත් කරවනු

Raveendra Friday, 01 February 2019 06:09 AM

ජාවාරම්කරුවන් පිටුපස සිටින්නේ පාදඩ දේශපාලකයන් බව නොරහසකි. මෙය කින්නියා විතරක් නොව මුළු රටේ සැම ප්‍රදේශයකම සිදුවෙන්නකි. රටේ කිනම් තැනක පරිසර විනශයක් සිදුවන්නේද එතැන " මහජනතාව නියෝජනය කරන දේශපාලන මූසලයෙක් පිටුපස" සිටිනවාමය. එබැවින් සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමෙන් පලක් ලැබේද? කාරුණිකව ප්‍රශ්නය ප්‍රශ්නය ලෙස දකිමු. රෝගයේ බිජමුල සොයා බෙහෙත් කිරීමට, ගැනීමට කටයුතු කරමු.

:       0       28

Perakum Friday, 01 February 2019 07:15 AM

වැලිගොඩ දැමීමේ විපාක පිළිබඳව ජනතාව පැහැදිලිව දැනුවත් කිරීමේ උත්සාහයක් මෙතෙක් සිදුවී නොමැත. එසේ වූවා නම් මේ සඳහා ජනතා සහයෝගය ලැබෙනු නොඅනුමානයි.

:       0       16

Kumar Friday, 01 February 2019 05:20 PM

සාමාන්‍ය ජනතාවට වැලි ගොඩ දැම්මත් එකයි නොදැම්මත් එකයි. රජයට මුදල් ගෙවා ගොඩ දැම්මොත් ඒක නීතිමය ක්‍රියාවක් නොගෙව්වොත් වැරදි ක්‍රියාවක් වගේ පෙනෙන්නේ. පරිසරය දුෂණය ගැන කතාවක් නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31142 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13279 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10954 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site