IMG-LOGO

2025 පෙබරවාරි මස 14 වන සිකුරාදා


ව්‍යවස්ථා සභා අර්බුදය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවත් සමඟ ඇතිකරගත් විරසකයෙන් පසුව රාජපක්‍ෂ පිළ හා එක්ව ප්‍රසිද්ධියේ කටයුතු කරමින් සිටියි. ජනාධිපතිවරයා ඉකුත් දා කොළඹ නව නගර ශාලාවේ පැවැති මහජන එක්සත් පෙරමුණේ සංවත්සර සභාවට ද සහභාගි වූයේය. මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටත් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාටත් ඊට ආරාධනා කර තිබුණේය. දිනේෂ් ගුණවර්ධන මහින්ද රාජපක්‍ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන නායකයෝ වේදිකාවේ ඉතා සුහදව එම උත්සව සභාවේ එකට අසුන් ගෙන සිටියහ. මහජන එක්සත් පෙරමුණේ රට හදන යෝජනාවලියක් එදින සම්මත කරගත් අතර දිනේෂ් ගුණවර්ධන එම යෝජනාවලිය ඇතුළත් ලියවිල්ලක් ජනාධිපතිවරයාට ද පිළිගැන්වීය. ජනාධිපතිවරයා එම ලියවිල්ල කියවා දිනේෂ් ගුණවර්ධනට ඒ මොහොතේම ප්‍රතිචාර දැක්වීය. ජනාධිපතිවරයා කීවේ එම යෝජනාවලියේ අඩංගු සියලුදේට තමා සම්පූර්ණයෙන්ම එකඟතාවය පළකරන බවය.

“මේක ඉතා හොඳ යෝජනාවලියක් මම ස්ථිර කරනවා” යැයි ජනාධිපතිවරයා දිනේෂ් ගුණවර්ධනට කීවේය. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ඉකුත්දා අඟහරුවාදා පැවැති නවම් මහා පෙරහර මංගල්‍යයේ අවසන් දින උත්සවයට ද ජනාධිපතිවරයාත් මහින්ද රාජපක්‍ෂත් සහභාගි වූහ. එහිදී නායකයෝ දෙපළ එක්ව පෙරහර ආරම්භ කිරීම සඳහා සධාතුක කරඬුව මංගල හස්ති රාජයා මත තැන්පත් කළහ. ගංගාරාමයේ දී ද නායකයෝ දෙපළ සුහද කතාබහක නිරත වූහ.

මේ අතර ඉකුත් දා පැවැති උත්සවයක දී ජනාධිපතිවරයාට බැසිල් රාජපක්‍ෂ හමුවූයේය. එහිදී ජනාධිපතිවරයා බැසිල්ට රහසක් කීවේය. “පළාත් සභා තියන්න එක්සත් ජාතික පක්‍ෂයේ උනන්දුවක් නැහැ.” ජනාධිපතිවරයා බැසිල්ට කීවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතු සම්බන්ධයෙන් දේශපාලන කරළියේ බරපතළ කතාබහක් මතු වූයේ ඉකුත් සති දෙක තුන තුළ දීය. එම කතාබහ මේ වන විට ප්‍රබල දේශපාලන ආන්දෝලනයක් බවට පත්ව තිබේ. ජනාධිපතිවරයාත් හිටපු ජනාධිපතිවරයාත් ඉකුත් දිනවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට එරෙහිව ප්‍රකාශ නිකුත් කර තිබිණ. ඇතැම් දේශපාලනඥයන් අදහස් කියා තිබුණේ ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක වන ආකාරය වැරදි බවය. එවැනි චෝදනා නගන්නෝ ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනඥයෝය. එහෙත් එජාප මැති ඇමැතිවරුන්ගේ අදහස වී ඇත්තේ ව්‍යවස්ථා සභාවේ කටයුතු නිවැරැදිව හා ස්වාධීනව සිදුවන බවටය. “ජනාධිපතිතුමා අධිකරණ ක්‍ෂේත්‍රයේ නම් ව්‍යවස්ථා සභාවට යැව්වා. විනිසුරුවරුන්ගේ උසස්වීම් කිහිපයක්ම අවස්ථා ගණනාවකදීම එම සභාව ප්‍රතික්‍ෂේප කළා. එහෙම කරන්න බැහැ. ව්‍යවස්ථාදායක සභාව විනිසුරුවා හැරිය යුතුයි” යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලනඥයෝ කියති.

එහෙත් එජාප දේශපාලනඥයන් කියනුයේ “ජනාධිපතිතුමාට අවශ්‍ය නම් ඒ ආකාරයටම සම්මත කරනවා නම් 19 වැනි සංශෝධනය මොකටද? ව්‍යවස්ථා සභාවක් මොකටද? ඒකාධිපති තීන්දු තීරණ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වීම වැළැක්වීමට තමයි ස්වාධීන කොමිෂන් සභා අවශ්‍ය. ඒ නිසා ව්‍යවස්ථා සභාවට බලපෑම් කරන්න එපා යැයි ඔවුහු කියති. මේ අතර ව්‍යවස්ථාදායක සභාවට පත්වූ චමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා මේ වන විට එහි සාමාජිකත්වයෙන් ඉවත් වී ඇත. චමල් රාජපක්‍ෂ ව්‍යවස්ථා සභාවට පත්වූයේ විපක්‍ෂනායකවරයාගේ නියෝජිතයා ලෙසය. චමල් රාජපක්‍ෂගේ පුරප්පාඩුව වෙනුවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකු පත්කිරීමට කතානායකවරයා කටයුතු කරමින් සිටින බව ද පැවසේ. එහෙත් මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂනායකවරයා කියා ඇත්තේ එම පුරප්පාඩුවට ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීවරයා පත්කළ යුතු බවකි.

වසර දෙකක් තිස්සේ ඇදි ඇදී තිබූ කෙරවලපිටිය ස්වභාවික වායු බලාගාර අර්බුදයට විසඳුමක් ලබාදීමට ඇමැති රවි කරුණානායක උත්සහ ගත්ත ද එය පිළිගැනීමට එක් පාර්ශ්වයක් අකමැත්ත ප්‍රකාශ කර තිබේ. කෙරවලපිටිය බලාගාරය සම්බන්ධ ටෙන්ඩරය පිළිබඳව ඉකුත්දා කැබිනට් මණ්ඩලයේ දී ද ඇමතිවරු දෙපිළකට බෙදී වාද විවාද කර ගත්හ. මේ වනවිට මෙරට පමණක් නොව විදේශ තානාපති අංශ පවා මේ අර්බුදයට පටලැවී තිබේ. ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ කෙරවලපිටිය බලාගාර ටෙන්ඩරය ලක්දනවි සමාගමට දිය යුතු බවය. ජර්මන් තානාපතිවරයා ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ අතර ඔහු ඉංග්‍රීසි පුවත්පත්වලට පවා ප්‍රකාශ නිකුත් කර තිබුණේ බලාගාර ව්‍යාපෘති සම්බන්ධයෙන් සිදුවූ ටෙන්ඩර් ක්‍රියාවලිය නීතියට පටහැනි බවය. ජර්මන් තානාපතිවරයා මෙම ප්‍රශ්නයට මැදිහත් වූයේ ලක්දනවි සමාගමට ටෙන්ඩරය ලබාදුනහොත් බලාගාරයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර හා වෙනත් තාක්‍ෂණික ආධාර ජර්මනියෙන් ලබා ගැනීමට නියමිත හෙයිනි. එහෙත් මෙරට ඇමෙරිකානු තානාපතිනිය සඳහන් කර තිබුණේ බලාගාර ව්‍යාපෘතිය චීන සමාගමට ලබාදීම සාධාරණ බවය. ඇමරිකානු තානාපතිනිය ඊට මැදිහත් වී ඇත්තේ චීන සමාගමට ටෙන්ඩරය ලබා දුනහොත් තාක්ෂණික උපකරණ ආදිය ඇමෙරිකාවෙන් ලබා ගන්නා නිසා හෝ වෙනත් කාරණාවක් නිසාදැයි හෝ යන්න පැහැදිලි නැත.

කෙසේ වෙතත් දැන් තත්ත්වය බරපතළ වී ඇත්තේ ලක්දනවි සමාගම විදුලිබල අමාත්‍යාංශයට එරෙහිව ප්‍රසිද්ධියේ විරෝධය දැක්වීම නිසාය. ගැටලුව තව තවත් බරපතළ වෙමින් තිබෙන හෙයින් මෙම බලාගාරය ඉදිකිරීම තවත් වසර ගණනාවකට කල් යනු ඇත්දැයි විදුලි ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෝ බිය පළකරති. විදුලිය ඒකකයක් අඩු මිලකට ලබාදීමට ටෙන්ඩරය ඉදිරිපත් කර ඇති ලක්දනවි සමාගම ඉදිරියේ දී තවත් නීතිමය පියවර කිහිපයක්ම ගැනීමට සැරසෙන බව ද පැවසේ.

කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල නියෝජිතයෝ ඉකුත්දා විශේෂ ප්‍රකාශයක් කළෝය. ඔවුන්ට ඒ සඳහා උපදෙස් ලබාදී තිබුණේ බැසිල් රාජපක්‍ෂය. බැසිල්ගේ අදහස වී ඇත්තේ පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයකු ජනාධිපති ධුරයෙහි තරගයට ඉදිරිපත් කළ යුතු බවය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපති අපේක්‍ෂක ධුරය ලබාදීමට බැසිල් විරෝධය දක්වන්නේය. මේ අතර උදය ගම්මන්පිල හා විමල් වීරවංශගේ අදහස වී ඇත්තේ ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ ඒකාබද්ධව මීළඟ ජනාධිපතිවරණයට තරග කළ යුතු බවකි. බැසිල් සිය හිතවාදී පළාත් පාලන නියෝජිතයන් ලවා උදයට හා විමල්ට ප්‍රහාරයක් එල්ල කළේය. “ඉදිරියේ දී එන ඕනෑම මැතිවරණයක් පොහොට්ටුවේ ලකුණින් තරග කිරීමට අපි තීන්දුවක් ගෙන තිබෙනවා. ඒකේ වෙනසක් නැහැ. අපි සන්ධාන ගත වෙනවාද නැද්ද කියලා අපේ පක්‍ෂයේ නායකයන් තීන්දු කරාවි. උදය ගම්මන්පිල හා විමල් වීරවංශ වෙනත් පක්‍ෂවල උදවිය. ඒ අයට අපට බලපෑම් කරන්න බැහැ. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී සන්ධානගත නොවීම තමන්ට අවාසි බව විමල් හා උදය කියනවා. ඒක අපි පිළිගන්නේ නැහැ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ආශිර්වාදය හා විශ්වාසය ඇතිතාක් ඕනෑම මැතිවරණයක් අපට දිනන්න පුළුවන්” යැයි ද එම පළාත් පාලන නියෝජිතයෝ සඳහන් කරති.

ආණ්ඩුව ඉදිරියේ දී සම්මත කර ගැනීමට අපේක්‍ෂා කරන විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට මුස්ලිම් සිවිල් සංවිධානවල විරෝධය එල්ලවී තිබේ. ඉකුත්දා මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුවේ නියෝජිතයෝ පිරිසක් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා හමුවූහ. කොළඹ විජේරාමහි පිහිටි නිල නිවසට ගොස් තමන් විසිවැනි සංශා්ධනයට විරෝධය දක්වන බව ප්‍රකාශ කළහ. “සිංහල ජනතාව අතර 20 වැනි සංශෝධනය ගැන කතිකාවක් නිර්මාණය වී තිබෙනවා. එහෙත් දෙමළ කතා කරන ජනතාව අතර එවැනි කතිකාවක් නැහැ. ඇතැම් මුස්ලිම් දේශපාලන නායකයන් මේ ප්‍රශ්නය තමන්ගේ ජනතාවට වසන් කරන්න උත්සාහ ගන්නවා” යැයි ද එහිදී මුස්ලිම් සිවිල් සංවිධාන නායකයෝ පැවසූහ.

වේයන්ගොඩ ඉදිකෙරුණු නව සතිපොළ පසුගිය 16 වැනි දා විවෘත කෙරුණේ මහින්දගේ අතිනි. 2015ට පෙර අත්තනගල්ල ප්‍රාදේශීය සභාව විසින් වැඩ ආරම්භ කරන ලද මෙම සතිපොළේ ඉදිකිරීම් 2015 වසරින් පසුව නවතා දමා තිබුණි. 2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් අත්තනගල්ල ප්‍රාදේශිය සභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජයග්‍රහණය කිරිමෙන් අනතුරුව එහි ඉදිකිරීම් යළි ආරම්භ කෙරිණි. 

සතිපොළේ ඉදිකිරීම් කටයුතු මෙන්ම 16 වැනි දාට නියමිත විවෘත කිරීමේ උත්සවයේ කටයුතු ද පෞද්ගලිකවම සොයා බැලුවේ ප්‍රසන්නය. විවෘත කරන දිනට පෙර දින වේයන්ගොඩ ගිය ප්‍රසන්න විවෘත කිරීමේ උත්සවයේ කටයුතු සොයා බැලුව්ය. 

“ප්‍රියන්ත මේවා හැදුවේ කවුද කියන එක රටට රහසක් නෙමෙයි. ඒ නිසා මහින්ද මහත්තයාගේ අතින් මේවා විවෘත කරන්න ලැබෙන එක අපිට ආඩම්බරයක්” ප්‍රසන්න අත්තනගල්ල සභාපතිවරයාට පැවසීය. 

උත්සවයෙන් අනතුරුව මහින්ද ඇතුළු ආරාධිත පිරිසට අසල පිහිටි හෝටලයක දිවා ආහාරය සූදානම් කර තිබුණි. එම ස්ථානයේ ප්‍රසන්න, ඩුලිප්, රණවීර යන පාර්ලිමේන්තු මන්ත්රීරවරුන් සමඟ අත්තනගල්ල සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර, දොම්පේ සභාපති මිලාන් ජයතිලක, මිනුවන්ගොඩ සභාපති කුමාර අරංගල්ල, බියගම සභාපති ආනන්ද ගනේගොඩ ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. 

එතැන සිටි සභාපතිවරුන් මහින්ද හමුවන තුරු සිටියේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටය. පැමිණිල්ල උදය ගම්මන්පිල සහ විමල් විරවංශට එරෙහිවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තනිව තරග කර ජයග්‍රහණය කළ නොහැකි බවට මෙම දෙදෙනා විසින් කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් සභාපතිවරුන්ගේ නොසතුටට මෙහිදී මහින්ද වෙත ප්‍රකාශ කෙරිණි. 

“උදය ගම්මන්පිල මහත්තයා කියනවා පොදුජන පෙරමුණට සීයට 40කට වැඩිය ඡන්ද ගන්න බැහැ කියලා. එහෙම කතා කරන එක වැරැදියි සර්” අරංගල්ල කීවේය.

“ඒක තමයි උදයයි විමලුදෙන්නා හැම තැනම කිය කියා යනවා පොදුජන පෙරමුණට දිනන්න බැහැ කියලා. හැබැයි අපි පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. අපේ ජයග්‍රහණයත් හෑල්ලු වෙනවා මේ නිසා” මිලාන් පැවසීය. 

“පොදුජන පෙරමුණට දිනන්න බැහැ කියන කිසිම කෙනෙක් තමන්ගේ පක්ෂයෙන් තනිව තරග කරලා පාර්ලිමේන්තුවට ආපු අය නෙමෙයි. හැමදාම මේ අය පාර්ලිමේන්තු ආවේ කාගේ හරි සන්ධානයකට එකතු වෙලයි. ඒ නිසා තමයි මේ අය දිනන්න බැහැ කියලා හැමතිස්සෙම කියන්නේ“ ප්‍රියන්ත කීවේය. 

“සර් මමත් මේ ගැන අවධානයෙන් හිටියේ. දැන් මෙතැන කතා කරන්න හිතුවේ සභාපතිතුමන්ලා මේ ගැන කතා කරපු නිසයි. කවුරු වුණත් පොදුජන පෙරමුණ පහත් කරලා කතා කරනවා නම් අපි ඒකට විරුද්ධයි. මොකද සර් වෙනුවෙන් කැපවෙච්ච මිනිස්සුන්ගේ පක්ෂය තමයි පොදුජන පෙරමුණ කියන්නේ. මේ පක්ෂයේ අයිතිකාරයෝ අපි නෙමෙයි. මේ රටේ සාමාන්‍යය ජනතාවයි. සර්ගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ පක්ෂය කර තියාගෙන ගියේ සාමාන්‍යය මිනිස්සු ප්‍රසන්න කී විට හිටපු ජනාධිපතිවරයා ඊට එකඟතාවය පළ කළේය.



අදහස් (0)

ව්‍යවස්ථා සභා අර්බුදය

ඔබේ අදහස් එවන්න

 

 

කොලම

ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍ය ඇයි?
2025 පෙබරවාරි මස 14 20 0

මෙවර කිවිදා දැක්මක් ලියන්නේ රටේ පාලනයේ සමහර ක්‍රියා නිසා ආණ්ඩුව විවේචනයට පත් වෙමින් පවතින වෙලාවකය. මේ සතියේ ආරම්භයේදීම සිදුවූ විදුලි විසන්ධිය මේ විව


අයවැය අපේක්ෂාවේ අභියෝග
2025 පෙබරවාරි මස 10 206 0

2025 වසර සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැය නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අයවැය කරුණු කිහිපයක් හේතුවෙන් සුවිශේෂ වේ. ඉන් පළමුවැන්න න


සහල් පිළිවෙතේ විකෘතිය
2025 පෙබරවාරි මස 07 485 5

ආණ්ඩුව දිගින් දිගටම බත පිළිබඳ ගැටලුව අනා ගනිමින් සිටින බව පෙනේ. සහල් ප්‍රශ්නය අනාගත් ආණ්ඩුව දැන් වී ප්‍රශ්නය ද එසේ වන තැනට කටයුතු කරමින් සිටී. පසුගිය බද


ජනවරම රැකීමේ අභියෝගය
2025 ජනවාරි මස 31 433 1

මෙවර කිවිදා දැක්ම ලියන්නේ රටේ දේශපාලනයේ කිසියම් වෙනස් තත්වයක් පෙනෙන්නට තිබෙන පරිසරයකය. ‘‘වෙනස් තත්වයක්’’ යැයි මා කියන්නේ දේශපාලන බලයේ වෙනසක් සිදු වෙ


ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාවට හිමි තැන
2025 ජනවාරි මස 27 2074 6

භූගෝලීය වශයෙන් ඉන්දියන් සාගරයේ පිහිටා ඇති ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර භූ දේශපාලනය තුළ ද ඉතාමත්ම වටිනා ස්ථානයක පිහිටා ඇත. ආසියාවේ සිට ම


ජනාධිපති ආරක්ෂාවේ අපේක්ෂාව
2025 ජනවාරි මස 24 786 5

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධ තීරණය සපුරාම දේශපාලන තීන්දුවක් බව ජනාධිපති අනුර පසුගිය දා කටුකුරුන්දේ රැස්වීමක දී කළ


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 186 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 131 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 926 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site