IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


විදේශ ප්‍රතිපත්තියට ධන ලකුණක්

එකිනෙකා හා එදිරිවාදී මෙන්ම දැඩි ස්වභාවයකින් පැවැති කොළඹ සහ බර්න් නුවර අතර සබදතා වඩාත් යහපත් ස්වභාවයකට ගෙන ආවේ කොළඹට පැමිණි ස්විට්සර්ලන්ත විශේෂ දූතයා වන, හිටපු ස්විස් තානාපති ජෝර්ග් ෆ්‍රිඩෙන්ය.

 ඔහු මේ වන විට වියට්නාමයේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා ලෙස සේවය කරයි. ජෝර්ග් නේපාලයේ ද ස්විට්සර්ලන්ත තානාපතිවරයා ලෙස සේවය කර අත්දැකීම් ඇත්තෙකි.

තමන් කොළඹ රැදී සිටි තරුපහේ හෝටලය සහ විදේශ කටයුතු අමාත්‍යංශය අතර නිතර ආගිය ජෝර්ග්, වැඩිමනත් සාකච්ඡා පැවැත්වූයේ විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සමගය. ඒ අනුව සිදුවීම් දාමය කුඩා කැබලිවලට වෙන් කර, ඒවා එක එකක් වෙන වෙනම අධ්‍යනය කිරීමෙන් - එම එක් එක් කොටස්වල පවතින වෙනස්කම් හදුනාගැනීමට ඔහුට හැකිවිය.

ග්‍රානියර් බැනිස්ටර් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පැවැත්වෙමින් තිබෙන්නේ පැහැරගැනීමක් සිදුවූ බවට ඇය සිදුකළ ප්‍රකාශය මත මිස, ස්විස් තානාපති කාර්යාලයේ ඇයගේ රාජකාරි කටයුතු මත නොවන බව අවබෝධ කරගත් ඔහු ඒ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය ද, දැනවූයේ ය.

ස්විස්ටර්ලන්ත රජය ආපසු හැරීමක් කර තිබෙන මෙම අවස්ථාවේ අවධානය යොමුවන්නේ එරට කෘතහස්ත රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වන හෑන්ස් පීටර් මොක් මහතා වෙතටය. හෙතෙම ශ්‍රී ලංකාවේ ස්විස් තානාපතිවරයාය. ඔහු පසුගිය මාසයේ බර්න් නුවර බලා පිටත්ව ගියේය.

කොළඹ වාසය කරන වෙනත් ඕනෑම රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හා සමානවම කිසිවෙක් කෙරෙහි සැකයක් ඇති කරනොගත් ඔහු ග්‍රානියර් බැනිස්ටර්ගේ මුල් ප්‍රකාශය ඒ ආකාරයෙන්ම විශ්වාස කළේ ය. බර්න් නුවර ඇවිලී ගියේ ඔහු ඒ සම්බන්ධයෙන් ස්විස් බලධාරීන් දැනුම්වත් කිරීමට පියවර ගත් නිසාය. එයිනිදු නොනැවතී, බැනිස්ටර්ව ස්විට්සර්ලන්තය වෙත රැගෙන යාමට ගුවන් ගිලන් යානයක් සූදානම් කිරීමට කඩිනම් උත්සාහයක් ගැනීම උද්ගතවූ තත්ත්වයට තවත් අමතර බරක් එකතු කළේය. ආපසු හැරී බැලීමේ දී ස්විස් තානාපතිවරයා ඔහුගේ විනිශ්චයේ වරදක් සිදුකර තිබෙන බව කෙනෙකුට ඒ කෙරෙහි යම් සහතිකයක් ඇතිවම කිව හැකි දෙයකි.

ග්‍රානියර් බැනිස්ටර්ගේ ප්‍රකාශයේ අඩුහුලුඩුකම් විමසා බැලීමට ඔහු උත්සුක වූයේ නැත. එය ඇතැම් විට, තානාපති කාර්යාල නිලධාරීන් යනු බොහෝ අවස්ථාවල රහස් රැසක් රකින පුද්ගලයින් නිසා - එම විශ්වාසයෙන්ම ඔහු ග්‍රානියර්ව ද සැළකූ නිසා විය හැකිය.

දැනට අනාවරණයව තිබෙන සාක්කිවලට අනුව ස්විස් තානාපතිවරයා ග්‍රානියර්ගේ මෙරට කටයුතු සම්බන්ධයෙන් හෝ දැඩි රාජපක්ෂ සහ රජය විරෝධී කණ්ඩායම සමග ඇය පවත්වාගෙන ගොස් තිබෙන පෞද්ගලික සබදතා සම්බන්ධයෙන් දැන සිට නැත. ඔහු සිය නිලධාරිනිය කෙරේ තැබූ විශ්වාසය මත පිහිටා අවංකව කටයුතු කර තිබෙන නිසා මෙරට ස්විස් තානාපතිවරයා ලෙස ඔහුව නැවත භාරගෙන, ඔහුගේ රාජකාරි කාලය අවසන් වනතෙක් මෙරට වැඩකටයුතු කිරීමේ අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා රජය පසුවෙන්නේ කැමැත්තෙන්ය.

කෙසේ වෙතත් ස්විස් රජය සංහිදියාත්මක ස්වරූපයෙන් නිකුත් කර තිබෙන නවතම නිවේදනය, ඔවුන් පෙර අවස්ථාවක නිකුත් කරන්නට යෙදුණු නිවේදනය හා සැසදීමේ දී අහසට පොළව වැනිය. එහි අන්තර්ගතය ඉතා දැඩි සහ ශ්‍රී ලංකා රජය කෙරේ දල්වා තිබූ සැක සංකාවන්ගෙන් ගහණ විය.

විදේශ කටයුතු සම්බන්ධයෙන් වන ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුව නිකුත් කළ පළමු නිවේදනයේ නොවැම්බර් මාසයේ අවසන් භාගයේදී කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ සේවයේ කරන ශ්‍රී ලංකා ජාතික කාර්යමණ්ඩලයට අයත් නිලධාරිනියක නාදුනන පුද්ගලයින් පිරිසකගේ පැහැරගැනීමට ලක්ව තිබෙන බව සහ, තානාපති කාර්යාලයේ කටයුතුවලට අදාළ තොරතුරු අනාවරණය කරන ලෙස ඇයට බලකර තිබෙන බව සදහන් විය. මෙම සිදුවීමට ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදීම ප්‍රතිචාර දැක්වූ බව වැඩිදුරටත් සදහන් වූ එම නිවේදනයේ ස්විස් රාජ්‍ය ලේකම් පැස්කාල් බේරිස්වයිල් ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති (ස්විට්සර්ලන්තයට ද අනුයුක්ත) කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර විශ්වාසය නැවත ගොඩනැගීමට ගතයුතු අවශ්‍ය පියවර ගැනීමට බර්න් නුවර සූදානමින් සිටින බව දැනුම්දුන්නේ යැයි, ඇයව උපුටා දක්වමින් සදහන් කර තිබිණ.

වෙනත් වචනවලින් කියතොත්, පෙර අවස්ථාවක වාර්තා කළ ආකාරයට, ස්විට්සර්ලන්ත රජයට ශ්‍රී ලංකාව කෙරේ කිසිදු විශ්වාසයක් නොමැති බව ඇය ප්‍රසිද්ධියේම පිළිගත්තාය. ඇයට අනුව ගත්විට, මෙම පැහැරගැනීමේ සිදුවීම දෙරට අතර සබඳතා පළුදු කිරීමට හේතුවක්ව තිබිණ. මෙම ප්‍රකාශයට නිකුත් කැරුණේ ග්‍රානියර් ස්විට්සර්ලන්තයට ගෙනයාම සදහා ගුවන් ගිලන් රථයක් සූදානම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තානාපති හෙට්ටිආරච්චි සමග පැවැති හමුවෙන් පසුවය. තවත් නිවේදනයක ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුව සදහන් කළේ, නිසි ක්‍රියාවලිය අනුගමනය කරන ලෙසය. මේ සියල්ල තෙවැනි පාර්ශවීය සටහනින් දැන් නිවැරදි කර තිබේ.

අර්බුදය ඇවිලෙමින් තිබුණු අවස්ථාවේ මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයා හා සමාන ස්විට්සර්ලන්ත බලධාරියා වන ස්විස් ෆෙඩරල් චාන්සලර්වරයා - ඉග්නාසියෝ කැසිස් මහතා -  විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග දුරකතනය ඔස්සේ සම්බන්ධ විය. වෙනත් කාරණා සම්බන්ධයෙන් ද, ඔහු සමග අදහස් හුවමාරු කරගත් කැසිස් මහතා නඩු විභාගයකට පෙර තානාපති කාර්යාල නිලධාරිනිය අත්අඩංගුවට ගෙන රදවා ගෙන සිටීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඇයගේ සෞඛ්‍ය තත්ත්වය කිසිදු සැළකිල්ලකට නොගෙන සිය කණගාටුව පළකළේ ය.

විදේශ ප්‍රතිපත්තිය මට්ටමින් ලත් ජයග්‍රහණය
බර්න් නුවර සහ කොළඹ අතර සබඳතා යථා තත්ත්වයට පත්වීම සැකයක් නොමැතිවම රජය විදේශ ප්‍රතිපත්තියට ධන ලකුණක් මෙන්ම මෙම සිදුවීමේ දී අනුගමනය කරන්නට යෙදුණු ස්ථාවරය නිවැරදි බව පිළිගැනීමකි. මෙවන් පිළිගැනීමක් දැන් ඇතිව තිබෙන්නේ ශ්‍රී ලංකා රජය නිසි ක්‍රියාවලිය අනුගමනය නොකරන බවට චෝදනා නැගී තිබූ වාතාවරණයකය.

තම තමන්ගේ දේශපාලන වුවමනා වෙනුවෙන් කටයුතු කරමින් සිටි කණ්ඩායමක් පරාජය කර රජය නැගී සිටීම, මෙම සිදුවීම සම්බන්ධයෙන් කටයුතු කැරුණු ආකාරය සම්බන්ධයෙන් සැක සංකා දනවාගෙන සිටි වෙනත් තානාපති කාර්යාලවල සැක දුරලීමට සහ නිසි ක්‍රියාවලිය අනුගමනය කර තිබෙන බවට සහතියක් ඇති කරගැනීමට හේතුවකි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පිටු 3 කින් යුත් නිවේදනයක් නිකුත් කරමින්, ස්විස් තානාපති කාර්යාලය නිකුත් කර තිබෙන නවතම නිවේදනයෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය සහ නිසි ක්‍රියාවලිය පිළිබදව වැරදි අර්ථකතනයක් ලබාදෙන බව ප්‍රකාශ කළේය. මෙරට නීති ක්ෂේත්‍රයේ වෘත්තිකයන් වැඩිම සංඛ්‍යාවක් සාමාජිකත්වය දරන වෘත්තිමය ව්‍යුහයක් වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නිසි ක්‍රියාවලිය අනුමනය කර නොමැති බවට ස්විට්සර්ලන්ත රජය කර තිබෙන ප්‍රකාශය හෙළා දකින බව කීවේ ය. එවන් ස්ථාවරයක් අනුගමනය කිරීමට කරුණු ගණනාවක් ගෙනහැර දක්වා තිබූ එම ප්‍රකාශයේ, නිසි ක්‍රියාවලිය අනුගමනය නොකළ අවස්ථාව කුමක්දැයි නොදක්වමින් හුදු නිවේදනයක් නිකුත් කිරීම, පිළිගත් සම්මත හා න්‍යායවලින් ඕනෑවටත් වඩා හොදින් සමන්විත ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය සහ නීතිය බලාත්මක කිරීමේ අධිකාරීන් වෙත කරන ලස බරපතල බලපෑමක් යැයි ද, දක්වා තිබේ.

වගකීම් සහගත රාජ්‍යයක් වන ස්විට්සර්ලන්ත වියානා සම්මුතියේ 41 වැනි වගන්තිය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයැයි සදහන් කරන නීතිඥ සංගමය රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස්වලට ප්‍රතිලාභ සහ මුක්තිය හිමි වුවත් ඔවුනගේ රාජ්‍යයේ නීති රෙගුලාසිවලට ගෞරව කළ යුතු බව අදාළ වගන්තියේ සදහන් යැයි පවසයි. එමෙන්ම අදාළ රාජ්‍යයේ, මෙම සිදුවීමේ දී ශ්‍රී ලංකාවේ, අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතු බව ද, එම වගන්තියේ දැක්වෙන බව නීතිඥ සංගමය නිකුත් කර තිබෙන නිවේදනයේ සදහන්ය.

වෙනත් නිදහස් හා ස්වාධීන රාජ්‍යයක අධිකරණ පද්ධතිය සහ නීතිය බලාත්මක කිරීමේ පද්ධතිය සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට පෙර එසේ කිරීමේ භූමිකාව කුමක්දැයි තේරුම් ගැනීමට ස්විට්සර්ලන්ත රජය උත්සාහයක් ගතයුතු යැයි ද ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ එම නිවේදනය සියවස් දෙකකට වැඩි කාලයක් අප අනුමනය කළ හා ආරක්ෂා කළ අධිකරණ පද්ධතියේ මූලික හරයන් සහ වටිනාකම්වලට හානි කිරීමේ අමුරණින් නිකුත් කරන ලද්දක් ලෙස දකින බවද, එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ස්විට්සර්ලන්තය සමග රාජ්‍ය තාන්ත්‍රික සබදතා නැවතත් යහපත් මට්ටමකට පත්කර ගැනීමට අමතරව රජයේ අවධානය යොමුව තිබූ වෙනත් වැදගත් කාරණා කිහිපයක් ද විය.

විදේශ සබදතා අංශය සැළකීමේ දී, ප්‍රමුඛත්වය ගෙන තිබෙන වැදගත් කාරණාව වන්නේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයන්ය. නව රජයක ආගමනයත් සමග මේ දක්වා ශ්‍රී ලංකාව අනුගමනය කළ ප්‍රතිපත්තිවල පැහැදිලි වෙනසක් දක්නට තිබීම හමුවේ, ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ තිබෙන විසඳා ගැනීමට කෙසේ කටයුතු කෙරෙනු ඇතිදැයි යන්නට දැන් ක්‍රම ක්‍රමයෙන් අවධානය යොමුවෙමින් තිබේ. යෝජනාවලියට සංශෝධන එකතු කිරීම අවධානය යොමුව තිබෙන එක් ප්‍රධාන කාරණයකි. කෙසේවුවත්, එය සිදුකළ හැකිදැයි යන්න පැහැදිලි නැත.

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය  : කෝවිද ගුණසේකර



අදහස් (0)

විදේශ ප්‍රතිපත්තියට ධන ලකුණක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31342 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13559 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 963 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site